Friday, March 16, 2012

ඩෙල්ෆ් දූපත - Delf Island

ඩෙල්ෆ් දූපත - Delf Island

ඩෙල්ෆ් දූපත ශී ලංකාවේ උත‍රැ දූපත් පන්තිය වැදගත් දූපතක් ලෙස හඳුන්වා දිය හැකියි. විශේෂයෙන් මෙය ඉතා කුඩා දිවයිනක් කිව හොත් නිවැරදිය. ˝ඩෙල්ෆ් ˝ යන නම යොදා ඇත්තේ ලන්දේසීන් විසිනි, ශ්‍රී ලාංකිකයින් මෙම දූපත හඳුන්වා ඇත්තේ නඩෙන්තිවි යන නාමයෙනි. ‍ඩෙල්ෆ් දූපත වර්ග කිලෝමීටර 48 භූමි භාගයකට හිමිකමි කියන අතර, උපරිම දිග 6km වන අතර උපරිම පළල 8km වේ. ඒවාගේම 4901 ක ජනගහණයක් ජීවත් වන දූපතකි විශේෂයෙන් මෙහි සාමාන්‍ය නගරයක මෙන් පාසල්, රජයේ ආයතන, කුඩා රෝහලක්, පොලිස් ස්ථානයක් හා නාවික හමුදා කදවුරක් පිහිටා ඇත. මෙහි ජීවත් වන ජනතාවගෙන් වැඩි දෙනෙකුගේ ජීවනෝපාය වන්නේ ධීවර කර්මාන්තයයි. සංඛ්‍යා ලේඛණ දත්තයන්ට අනුව 610 පමණ ධීවරයන් සිටින බවට වාර්තාවේ.

එමෙන්ම ඉහත ජනගහනයෙන් 1435 පමණ පාසල් සිසුන් වනවා. මේ හෙයින් පාසල් 10 පමණ ‍ඩෙල්ෆ් දූපත තුල ක්‍රියාත්මක වනවා. ඒමෙන්ම මෙහි ජීවත්වන ජනයාගේ ප්‍රධාන ආගමි ලෙස හින්දු ආගම කතෝලික ආගම හා පොතෙස්තන්ත්‍ර කතෝලික දහම අදහන ජනතාවද ජීවත් වනවා. අතීතයේ බෞද්ධ බැතිමතුන් ද ජිවත් වූ බවට සාධක ‍ඩෙල්ෆ් දූපතෙන් හමුවනවා. 

View of the Delf from Ocean 

View of the Delf from Ocean  
ඩෙල්ෆ් දූපතේ වඩාත්ම සංචාරක ආකර්ෂණයට ලක්වන ස්ථාන පිළිබදව සටහනක් තබයි නම්,

01. බයෝ බැප් ශාකය - Baobab Tree

ලංකාව තුල බයෝ බැප් ශාක ඇති ස්ථාන කිහිපය අතුරින් ඩෙල්ෆ් වල ඇති මෙම ස්ථානය එක් තැනක් වනවා. මන්නාරම එළුවන්කුලම හා කළා වැවේ නිමිනයේ ඇති බයෝ බැප් ශාක හැරැණුකොට ඩෙල්ෆ් වල ඇති මේ විශාල ශාකය සංචාරක ආකර්ශණය දිනා ගත් සුන්දර ස්ථානයක් වනවා. මෙය අඩි 58 පමණ වට ප්‍රමාණයකින් යුක්ත වන බව නාවුක හමුදා නිලධාරීන් ගේ මතයයි. ඒමෙන්ම ලංකාවේ ඇති අනෙකුත්  බයෝ බැප් ශාක හා සසදන කළ මෙය ඉතා සාරවත් බව පැවසේ. තවද බයෝ බැප් ශාක වලට පහත නමි ද භාවතා වන බව වැඩිදුරටත් දැනගන්නට ලැබිණ. Bottle Tree / Upside down Tree / Monkey Bread Tree. අරාබියේ හා අප්‍රිකානු රටවල මිනිසුන් මෙම ශාකයේ කොළ මැල්ලුමි සදහා යොදා ‍‍ගන්නා බවත්, ‍ගෙඩි ව්‍යංජනයක් ලෙස ආහාරය‍ට ‍ගන්නා බවත් වාර්තාවේ. 


Inside of the Tree


02. ලියලන ගල.

සංචාරකයා ගේ විශේෂ අවධානයට ලක් වන තවත් ස්ථානයක් ලෙස ලියලන ගල හදුන්වා දිය හැක. මෙම ප්‍රදේශයේ මිනිසුන් මෙහි ඇති වැඩෙන ස්වභාවය නිසා මෙම ගල පූජනීය සංඛේතයක් ලෙස සලකා වැදුමි පිදුමි කරයි. විශේෂයෙන් මෙම ගල පිහිටා ඇත්තේ නාගයකුගේ දරණ ලෙස වීමත් කේවිලක් ආසන්නයේ පිහිටා තිබීම ඊට හේතුවන්නට පිලිවන.  කෙසේ වෙතත් මෙම ගල නාග ගල, කෝවිල අසල ගල යන අන්වර්ථ නාමයන්ගෙන් හදුන්වයි. 


Liyalana Gala



03. ප්‍රදීපාගාරය [Queen’s Tower]

ඩෙල්ෆ් දූපතේ නැගෙනහිර සීමාවේ පිහිටා ඇති මෙම අපුර්ව ප්‍රදීපාගාරය විදුලිය නොමැතිව ක්‍රියා කල එකකි. මෙම ප්‍රදීපාගාරයේ යට කොටසට දර දමා විශාල ගිනි මැලයක් දල්වා එහි ඇති දුම කුඩා කවුලුවකින් විවරවීම‍ට ඉඩහැරීම තුලින් ඈත මුහුදේ යන නැවි වලට සංඥා ලබා දී ඇත. මෙය ලන්දේසි පාලන සමයේ ඉදිකර ඇත. තවද සාම්ප්‍රධායින සන්නිවේදන ක්‍රම පිලිබදව අධ්‍යනයක නිරතවන්නන්ට ඉතා කදිම නිදසුනක් මෙන්ම පුරා විද්‍යාත්මක සාධයක් ලෙස සදහන් කල හැක. 



04. හිරි ගල් තාප්ප සංස්කෘතිය.

ඩෙල්ෆ් දූපතේ බැලු බැලු හැම තැනකම වාගේ දැකිය හැකි සුලභ දසුනක් ලෙස හිරිගල් කැබලි හදුන්වාදිය හැක. මෙම හිරිගල් කැබලි සැහැල්ලු මෙන්ම ශක්තිමත් ද්‍රව්‍යයක් වන හෙයින් ඩෙල්ෆ් වැසියන් මෙය නිවාස බිත්ති සදහා අමුද්‍රව්‍ය වශයෙන් යොදාගෙන ඇත. තාප්ප අදිය හිරිගල් යොදා ගෙන ඉතා මනරමිව සකස් කිරීමට ඩෙල්ෆ් වාසීන් අති දක්ෂයන් වේ. 




05.  පරවියන් ඇතිකල සන්නිවේදන කුළුන.

අතීතයේ මිනිසුන් සතුන් මගින් සිය සන්නිවේදන අවශතා සපුරා ගෙන ඇති ආකාරය පරවි සංදේශය සැලළිහිණි සංදේශය වැනි සංදේශ කාව්‍ය සාහිත්‍යය සාක්ෂි දරයි, ඩෙල්ෆ් දූපත තුලද එවැනි සාමිප්‍රධායික සංනිවේදව ක්‍රම අනුගමනය කල ඇති අන්දම මෙම පරවියන් ඇති කළ කුළුන සාක්ෂි දරණු ඇති. මෙය ලන්දේසීන් විසින් ඉදිකරණු ලැබූ එකක් ලෙස සැලකේ.




06. ලන්දේසි කොටුව.

ශ්‍රී ලංකාව තුල සංචාරය කරන අයකුට ‍ලන්දේසි බල කොටු සමිප්‍රධාය ගැන හො‍ අවබෝධයක් ඇත, එවැනිම අකාරය‍ට ඉදිවූ ලන්දේසි බලකොටුවක් ඩෙල්ෆ් දූපත තුලද දක්නට ඇත. මෙය ඩෙල්ෆ් දූපත ලන්දේසි සමයේ ඉතා වැදගත් ස්ථානයක් ගත් බවට හොද සාධකයක් වේ. තවද මේ හා සමගාමීව උසාවි යක් යැයි සැක කරන ස්ථානයක් හා බන්ධනාගරයක් යැයි සැක කරන ස්ථාන දක්නට හැක. මෙම ස්ථාන විධිමත් පුරා විද්‍යා සමීක්ෂණ මගින් නිවැරදිව හඳුනානොගැනීම නිසා මෙම ස්ථාන වල දක්නට ලැබුණු දේ මත උපකල්පනය කරන ස්ථාන වේ. 






සකස්කලේ  - කසුන් ගයශ්‍රී - Kasun Gayasri 





විශේෂ ස්තුතිය !!!
ඉරණමඩු  යුධ හමුදා කදවුරේ සියලු නලධාරීන්ට හා ඩෙල්ෆ් නාවික හමුදා කදවුරේ සියලු නලධාරීන්ට
හා ජැක්සන් ඇන්තනි මහතාට...





2 comments: