Wednesday, September 15, 2021

විශ්වාසය...

පරණ වර්ශන් එකක.. අළුත් පැතිකඩක්..

විශ්වාසය බීජයක් වැනිය...

එය බිඳුනු කල තව තවත් ඵල හට ගනු ඇත...,

පෙරටත් වඩා පරිසරය ලස්සන කරමින්...

වර්ණවත් කරමින්...

සුඟන්ඳවත් කරමින්...

පෙඩ්ඩක් වෙනස් විදියකට හිතුවොත් ඒකත් හරි..

බිඳෙන හැම දෙයින්ම අනර්ථයක් වෙන්නේ නෑ...

හොඳක් වෙන්න බිඳෙන දේත් ලෝකයේ තියනව...  

හරියට ගස් වල බීජ වගේ.... බිත්තරයක කටුව වගේ... 

 




Sunday, December 6, 2020

ඉතිහාසය අතීතයට අයත් ද අතීතය ඉතිහාසයට අයත් ද?

 

ඉතිහාසය අතීතයට අයත් ද අතීතය ඉතිහාසයට අයත් ද?

අතිතයකින් තොර ඉතිහාසයක් තිබේද...?

අතීතය වර්තමානය හා අනාගතය සමග ගත් කල සාපේක්ෂ කාළයකි...

කාළය අතීතයටත් ඉතිහාසයටත් පොදු වූ කුලකයකි...

නමුත් ඉතිහාසය මානව කේන්ද්‍රීය වේ... මිනිසා කල කී දෑ තුලින් ඉතිහාසය පෝශණය වී ඇත...

මිනිසාගේ පහසුව තකා ආගම, විද්‍යාව, සංස්කෘතිය,දේශපාලණය යනුවෙන් විවිධාකාරයෙන් වර්ග කර ඉතිහාස වාර්තා පවත්වාගෙන යයි..

සෑම අතීතයක් තුලම ඉතිහාසයක් නොමැති වුවත් ඉතිහාසය තුල අතීතය අනිවාර්ය සාධකයකි….

පසුවන සෑම මිනිත්තුවක්ම අතීතයට අයිතිවූවත් එය ඉතිහාසයට අයිති නොවේ…

එයට හේතුව ඉතිහාසය උදක්ම ජයග්‍රාහකයා සුපෝෂණය කරන බැවිනි...

පරාජිතයාට ඉතිහාසය තුල අවකාශයක් නොසෑදීම ඉතිහාසය තුල වූ ඛේදනීයම අඩුපාඩුවකි..

විජයවිජායී.. විජාතිකයා... නැතහොත් ජයග්‍රාහකයා... තම්බපණ්ණියට පැමිණෙන විට,

තම්බපණ්ණිය තුල වූ යක්ඛ, නාග, දේව සමූහයේ සංස්කෘතියක් පැවතියද... ?

ඉතිහාසය සාක්ෂි දරන්නේ නැතහොත් පෙනී සිටින්නේ ජයග්‍රාහකයා වන විජය වෙනුවෙනි...

එකී කාරණාව විද්‍යාව තුලින්ද පැහැදිලවේ...

විද්‍යාවේ නව සොයාගැනීම් වල මූලාරම්භය කොතෙකුත් කැපකිරීම් වැරදීම්, අතපසුවීම් වලින් සමන්විත වූවාට සැක නැත....

නමුත් ඉතිහාසගත වීමේදී වැරදීම් අතපසුවීම් කැපකිරීම පසකලා ජයග්‍රාහී සොයාගැනීම වාර්තා කරයි....

ඉතිහාසය තුල බොහෝ විට පරාජිතයා හදුන්වා දෙන්නේ ජයග්‍රාහකයා උද්දීපනය කිරීමටය...

නැතහොත් ජයග්‍රාහකයාට ඉතිහාසගත විමට අවශ්‍ය කරුණු කාරණා පෙලගස්වා සිටීමට අවැසි නිසාවෙනි..

එසේ වුවත් පරාජිතයා ජයග්‍රාහකයා පසකලා ගෟරවාන්විත වූ අවස්ථාවක ඒ තුලින් ඉතිහාසගත වීමට ඔහු අවස්ථා විවර කර ගෙන ඇත....

නමුත් අතීතය පරාජිතයාගේ ශෝඛාලාපයත්, ජයග්‍රාහකයාගේ සතුටත් මනාව දනිමින්...

ඉතිහාසය විසින් ඉතිහාසය පෝෂණය කිරීමට අවශ්‍ය සාධක පමණක් ඉතිරි කර ගනී....

පරාජිතයන් හටද ඉතිහාසය තුල තැනක් වූයේ නම්...

ඉතිහාසය කොතරම් සුන්දර වන්නට තිබුණිද....?

 

By Kasun

 

 

 

 

Wednesday, May 20, 2020

කොරන්ටයින් වූ මැයි 08 වෙනුවෙන්....

කොරන්ටයින් වූ මැයි 08 වෙනුවෙන්....  


දෙයක් අහිමිවීම දුකක්, ඒ වුනත් තමන් කැමති දෙයක් අහිමි වීම ඊට වඩා දුකක්..
තමන් ආදරය කරන දෙයක් නැතිවීම, දුරස්වීම විප්පයෝගය අනෙක් ඒවට වඩා සංවේදීයි....
සංවේගය ස්පර්ෂ කලේ හිත, හිත් වල තිබුණෙ හැඟීම්, හැඟීම් වල වේදනාව කැටි වෙලා
ඒ වේදනාව පුදුම විදියට වචන වලට පරිවර්ථනය වුනා...
කවි සින්දු හැඳුනෙ එහෙම වෙන්නැති.. මම එහෙම හිතනව...

හුගක් ආදර කථා පටන් ගන්නෙ සිනාවකින් වගේ පොඩි දේකින්..
සිනා වෙන්නෙ කටින් වුනාට ඉස්සෙල්ලම ඒක ස්පර්ශ කරන්නෙ ඇස් වලින්...
පස්සෙ ඒ සිනාව හඳවතින් ස්පර්ශ කරන්න ගත්තම ප්‍රේමයක් බවට පත් වෙනව...

ඒකයි සිනා ලඟ නෙත නැවතුන දවසේ
සිනා ලඟ සිත් නැවතුනා දවසෙ ප්‍රේමය හඳුනගත්ත කිව්වෙ..
ඒ සිනාව අරමුණක් කරගත්තම නෙත් නොනිදන නෙත් බවට පත්වෙනව...
නිහඩනවම සිත් සනසන්න පටන් ගන්නව ගන්නව...
අපි මනෝ පාරක් දානව කියන්නෙ ඒකට..

ඔය අතරෙ ඉර හඳ යට දිවුරුම් දෙනව සමුනොගන්නට දිවි ඇති තුරා....
සනාථන සත්‍ය නම් කවදා හෝ සමු ගැනීමට සිදු වීම වුවත්...
ආදරයෙන් අන්ද වුනාම ඒකයි ඒක නොතේරෙන්නෙ...

ඒ වෙලාවට අපි සඳට කියනව එබිල බලන්න එපා කියල..
ඔබ ළග නිසා පින් සිත් පුරා
මල් මාලති පිපුනා....
සමසුන් අරා සිත් විල වසා
කුමුදුත් කොඳත් පිපුනා.... සතුටට එහෙමත් ලියවිලා තියනව...

ලෝකය ද්ව්ත්වයක් මත ගොඩනැගුන කියල අපි හිතන්නෙ නෑ... එහෙම හිතෙන්නෙත් නෑ...
දුක සතුට, සිනහව කඳුල, පින් පවු වගේ දෙපැත්තක් තියනව කියල දකින්න තරම් ඒ වෙලාවට සිහියක් නෑ...

තරු වල ලස්සන තියෙන්නෙ අමාවක දවසට..
මොකද හඳ තියෙනකොට හඳේ ලස්සන විතරයි මිනිස්සු දකින්නෙ..
අන්න ඒ වගේමයි ආදරෙත් දැනෙන්නෙ අහිමි උනාම තමා...
අද දැනෙන්නෙ ආදරේ සුවඳ විතරයි. හැබැයි ඒක මනරම්...
විරහවත් රහක් කර ගන්න පුළුවන් බෝසත් හිත් වලට විතරලු....

ඇත්තටම අතීතයට පියමනින්න බෑ...
කාළය අවකාශය හරහා අතීතයට යන විද්‍යාව අපි දන්නේ නෑ..
එහෙම ගියත්.... ඒ පෙම් දැහැන් වල නටඹුන් හොයා ගන්න පුළුයන් වෙන එකක්නෑ...
ඒ මුඛරි දෙබස්.. ඒ දැල්වෙන නුවන් යුග..
හීනයක් වගේ රෑ තිස්සෙ ගලා ගෙන එනව...
මතකය ඉකි බිඳ හඳවත අවදිකරන වෙලාවල් අනන්තයි...

නිවීයන තරැවක බිඳිගිය මතකයේ සැමරුම්
හිතේ ගැඹුරැම තැන තියාගෙන
අවසරයි සමුගන්න....
සිනා දෙතොලට ගන්න
අතීතය මට දුන්නූ
එපා අරගෙන යන්න...
හැමදාම හැර නොයා ලග රැදුනු..
මතකයන් අරගන්න....

අල්ලන්නෙ නෑ සිතින්...
අතින් අල්ලා නවත්වන්න බැරි නිසා...

ඇත්තටම හිත්වල කෝ බන් ආදරේ...



By Kasun Gayasri



Friday, May 1, 2020

රාත්‍රිය


රාත්‍රියට ඇලුම් කරන්න. දොර කවුළු හැර පියා රාත්‍රියෙහි ගිලෙන්න. නිශාචර මා වවුලන්, සේරූන්, රෑ කණ කොකුන් සහ කිරුළුන්ගේ නාදයන්ට සවන්දෙන්න.
තම පෙම්බරිය සොයන අටු බකමුහුණෙකුගේ ප්‍රේමාලාපයට කන්දෙන්න. තුරු ලතා මඳනල සමඟ දැවටී නඟන මෘදු සරසරය, සඳපහන් රාත්‍රියක ගලා යන රිදී සඳ දිය සිත් සේ නාන්න.
තරු පිරි රාත්‍රියක විශ්වයේ අපූර්වත්වය මූර්තිමත් කරන, අනන්ත ආකාශය දෙස චමත්කාරයෙන් යුතුව බලන්න.
ඔබ, මා නැතිකල පවා මේ සුවහසක් තාරකා දැල්වෙන බව ද, අපේ අතීත සගයින් ද මේ තාරකාවලින්, සඳ පහනින් ප්‍රහර්ශය ලැබූ බව ද සිහිපත් කරන්න.
මේ සුන්දර රාත්‍රිය ඔබට පුදන ලද අප්‍රමාණ විශ්ව ශක්තියට කෘතඥතාව පුද
කරන්න. රාත්‍රියේ ආනන්දය සිත් සේ විඳින්න..

සංකල්පනාව - ගාමිණි කුමාර විතාන මහතා

Sunday, November 11, 2018

හන්තාන සිහිනේ



කාලකට පසුව ලස්සන ගීතයක අර්ථය දැනගන්න ලැබුණු, ඒක හැමෝම එකක් බෙදා ගන්න හිතල මේ සටහන තියන්න තීරණය කලේ. මේ ගීතය ගායනා කරන්න පණ්ඩිත් අමරදේවයන් හා උමාරියා සිංහවංශ. කවුරුත් දන්න ගීතයක්..ඒ වගේම මෙම ගීතයේ ලස්සනට වචන පෙලගස්ලවල තියෙන්නේ ජානක කියල කෙනෙක්, සංගීතය සංයොජනය කරල තියෙන්නේ අරුණ කියල අයෙක්.

මේකත් සරසවි ප්‍රේමයක් ගැන... සරසවිය කියන්නේ ඉතින් ප්‍රේම කරන අයට නිදහස විදින්න පුළුවන් ලස්සනම තැනක්. මේ ගීතය එක්කම මට මතක් වෙන්නෙ අමරසිරි පීරිස් මහත්මයාගේ හන්තානට පායන සඳ කියන ගීතය... මේ ගීත දෙකම තමා ආදරය කරන කෙනා ලබා ගන්න නොහැකි වීම ගැන කියවෙන් ගීත දෙකක්.  එහෙම නැත්නම් ව්ප්‍රලම්භය ගැන කියවෙන ගීත දෙකක්. මේ සටහන තබන අද දවසේ 2018-11-11 තවත් මෙවැනිම වික්ටර් රත්නායක මහත්මා ගායනා කරන ගීතයක පසුබිම් කථාවක් කියවන්න ලැබුණ ඒකත් හරිම දුක හිතෙන කථාවක් දැගන්න කැමති අය ලංකාදීප පුවත්පතේ සැඳැල්ල අතිරේකයේ 10 පිටුව කියවන්න.



වර්ථමනයේ විරහ ගීත එහෙම නැත්නම් වැලපීම් හර සුන් ගීත බවට පත්වෙලා තියනව ඒ වගේම විරහව තුලින් ක්‍රෝදය, වෛරය ද්වනිත වීම් සමාජයේ හුඟක් දක්නට ලැබෙනව...ආදරය කියන්න හරිම පිවිතුරු දෙයක් ඒක අහිමි වීම ගොඩක් දුකක්... අහිම් ප්‍රේමය ගැන කියවෙන දුක් ගීත වැඩියෙන් ලියවෙන්නෙ ඒකයි....



ලෝකයේ ජිවත් වන බොහෝ දෙනෙකුට අහිමි ආදරයක දුකක් තියනව....අපේ වචන වලින් කියනවනම් බූටි කාපු එවුන් සාපේක්ෂව ලෝකෙ වැඩියි...වෙනස තියෙන්නෙ ආදරය කියන වචනය එකක් වුනාට මිනිස්සු ඒකට මුහුණ දෙන විදිය වෙනස් වීමයි...ආදරයත් විශ්ව භාෂාවක්.... ඒ භාෂාව සමහර විට හැමෝටම හැම විටම නොතේරෙන්නත් පුළුවන්... ඒ නිසා ඒ ඒ අයට අනන්‍ය වූ විවිධ ප්‍රතික්‍රියා දක්වනවා වෙන්න පුළුවන්.

ඇත්තටම මේ ගීතයේ ලස්සනට ගෙතිල තියන ගුරු ගෝල ‍ප්‍රේමයක්.. සරසවි යන හැමෝම අතර උපාධියට එහා ගියපු අත්දැකීම් සමුදායක් තියනවා... ඒ අතර ආදරය මූලික වෙනවා කියල ඉතින් කියන්න ඕන නැහැ නෙ. මෙම ගීතයේ එන කථා නායිකාව නැත්නම් ආදරවන්තිය වන්නේ සරසවි මානවිකාවියක්... මැයගේ සිත් ගත් එකම තැනැත්තා වන්නේ ඇයට අධ්‍යාපනය දෙන ගුරුවරයා... ඔහු මැදිවියේ සිටින ගරුවරයෙක්.. කුමන ආකාරයේ දේහ ලක්ෂණ ඇත්ද යන්න කියන එක මම කියන්නේ නැහැ නමුත් ඒ ඔබ ඔබට ආවේණික විදියට සිතින් මවා ගැනීමේ අයිතිය ඔබට භාර කරනවා.

මම ගුරුවරයා හඳුන්වා දෙන විට මැදිවිය සිටින ගුරුවරයෙක් කියල විශේෂණ පදයක් යෙදුව... මැදි වියේ සිටින අයෙක් ජීවිතයේ හුඟක් අත්දැකීම් බහුල අයෙක් විශේෂයෙන් විශ්ව විද්‍යාල ආචාර්‍ය වරයක් කිව්වම ලොකු දැනුම් සම්භාරයක් ඇති අයෙක්. ඒ වගේම මේ තැනැත්තා ජිවිතයේ වැදගත් කඩ ඉම් පසු කර ඇති තැනැත්තෙක්.. ඇත්තටම ඔහු බිඳුනු විවාහට ගැන සිත් තැවුලෙන් සිටින අයෙක්.... ඒකයි නෙලාගනු බැරි සිහිනයක් කියල යොදා තියෙන්නේ. නමුත් මෙම මානවිකාවිය ජීවිතයේ අත්දැකීම් සම්භාරයක් ලබා ගැනීමට විශ්ව විද්‍යාලයට පා තබන තැනැත්තයක්... 

බලා වැලපෙමිනෙලාගනු බැරිහන්තාන සිහිනේදොවා සිත් මලගොතනු මැන ළදුනේසංසාර සිහිනේ

මෙම මානවිකාවිය විසින් තම ගුරුවරයාගේ දේශණය, භාෂණය දේහ ලක්ෂණ ආදී දේට වශීකෘතවී ආදර සිතක් ඇති කර ගන්නව...එක තමයි ඇයගේ හන්තාන සිහිනය වන්නෙ.. ඇය ඔහුගේ සෙනෙහස පතා සිටිනව.. නමුත් ගුරුවරයා වනාහී බිඳුණු විවාහයේ භෂ්මාවශේෂ මත සිටින්නාවූ අයෙකි. ඔහුට නම් ඔහුගේ අතීතය නිතර සිහිවනවාට සැක නැත. නමුත් මැය නෙලාගනු බැරි හන්තාන සිහිනය පිලිබඳ බලා වැලපෙන්නීය...  

මෙහිදී ගුරුවරයාගේ විසින් තමා කෙරේ ඇති වන ඇල්ම දෝවනය (දොවා සිත් මල) කර දමා සංසාර සිහිනයකට පෙරනිමිති බැලීමට ඇය හට ආරාධනා කරයි.  

වැහි පබළු යට
රගමඩල මැද
ඔබේ දෑතෙහි තුරුළු වෙන්නට
බිසෝ හැර ගිය
ලසෝ රග හළ
අමාවක අදුරේ
නොඑනු මැන ළදුනේ.

නමුත් ඇය ඔහු වෙත පෙම් බැඳීම නතර කිරීමට උත්සාහ කලත් ඇය ජීවත් වන පරිසරය ප්‍රේම වන්තයන්ගේ පාරාදීසයක්.... ඇය නෙතු ගැටෙන ප්‍රේම ජවනිකා විසින් ඇය කෙසේ නම් සිත් මල දොවා ජීවත් වන්නේද..? එම පරිසරය ඇයට ඔහු සමග දෑතේ තුරුළු වී සිටින්නට අතවනයි.. නමුත් ඇයට එසේ කිරීමට නොහැකිය...

නමුත් ගුරුවරයා ගේ ජිවිතය ලසෝ රගහලක්, ඔහුගේ දෙදරාගිය විවාහයේ මතක සටහන් තවමත් ඔහුගේ සිත රිදවන වා විය හැක... එවන් වූ ලසෝ රඟහලක් වෙත නොඑන්නට යැයි ඔහු ඇයගෙන් ඉල්ලා සිටී...

වඩින තුරු සද
දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්

ආදරය කරන කිසිම අයෙකු තමාගේ බලාපොරොත්තු බිඳ දමා ගැනීමට යත්න නොදරයි... ඒ ධර්මතාව මැය හටද පොදු ධර්මතාවක් වන්නේය... තවද සඳ සැමදා අමාවකව සිට්න්නේද නොමැති බව ඇය උදක්ම දන්නා කාරණයකි. එබැවින් ඇය විසින් ඔහුගේ ජිවිතය නම් දිවය පායා ඇති අමාවක සඳ ඔහුගේ ජිවිතය තුලින් යලි වඩිනා තුරු දුරින් සිටීමටත් ඔහුගේ ඒ ආකර්ශණීය දේශණ ( ඇඳුරු පෙම් ගී) අසා සිටින්නටත් තීරණය කරයි.

සොදුරු ඒ සද දියේ එන්නම්
ඉදිනු මැන සොදුරේ
හන්තාන අරණේ

බලාපොරොත්තු අප සැමගේ ජීවිත ජීවත් කිරීමට සමත්වෙයි. එය සරල න්‍යාය ඇතැම්විට මෙම ගුරුවරයා විසින් තමාට පෙම් බඳින මානවිකාවිය වෙත අනුකූලණය කිරීමක් සිදු කරන්නට උත්සාහ කලා වන්නට පුළුවන. අවසානයේ අමාවක සඳ දුරුවූ දිනක ඔබ වෙත එමි යන ප්‍රාර්ථවය කැටි කරමින් ඇයට ජීවත් වීමට බලාපොරොත්තුවක් එක් කරයි. ඇතැම්විට එය හුදු බලාපොරොත්තුවක් පමණක්ම නොවන්නේ යැයි කිව හැක්කේ කාටද?   

ස්තුතිය..




කසුන් ගයශ්‍රී


Monday, January 30, 2017

Something that none of us have seen before - කවදාවත් කවුරුවත් දැකපු නැති දෙයක්

මං අද කථාකරන්න යන්නේ අපි කවදාවත් කවුරුවත් 
දැකපු නැති දෙයක් ගැන
ඒ තමයි මුහුද...
අපේ කිරි අත්ත ඒකට කියන්නෙ හෝ ගාන පොකුණ කියල...

මං මුහුද දැකල නෑ, කවදාවත් දකින්නත් බෑ...
මං අම්මගෙන් ඇහැව්වාම,  
අම්ම කියනව ඒක අහස වගේ නිල් පාටයි කියල,
එතකොට මං අම්මට මතක් කරල දෙනව,
මං අහස දැකලත් නෑ කියල...!
එතකොට අම්ම අඬනව මට ඇහෙනව...

මං කිරි අත්තගෙන් ඇහැවුවාහ මුහුද මොන වගේද කියල,
කිරි අත්ත කියනව ඒක අපේ වැව වගේ කියල...
එතකොට මං කිරි අත්තට කියනව
මං වැව දකලත් නෑ කියල...

මං හැමදාම වගේ වැවට යනව නාන්න,
ඒත් මං දැන්නේ නෑ වැව කොච්චර ලොකුද කියල,
කිරි අත්ත කියනව මූද ඒවගේ සිය දාස් ගුණයක් ලොකුයි කියල..

ඒත් වැවේ තරම දන්නේ නැති මම
ඊට වඩා ගොඩාක් ලොකු මුහුදෙ තරම හිතාගන්නනෙ කොහොමද?

මට තේරෙන එකම දේ තමයි, ඇස් තිබුණත් කවදාවත් දැකල ඉවර කරන්න බැරි තරම් මුහුද ලොකුයි කියන එක...  






I’m here to talk about something
that none of us have seen before...
That is ocean..

My Grandpa calls it the"Singing pond"
I have never seen the ocean
I can never ever seen it

I asked my mother to describe it and
she told that it’s as blue as the sky....

I reminded her that I have never seen the sky...
Then I heard her quietly weep....

I asked my Grandpa..
He said it’s like our grand lake

Then I reminded him
that I have never seen the lake either..

I bathe in the lake almost every day...
But I don’t know how big it is..?

Grandpa says the ocean is bigger than a thousand lakes...

But how do I conceive of the ocean
when I can’t fathom the lake?
What I do understanding..
That the ocean is so vast..
And that ones can never see it all in lifetime...




It was a heart touching dialogue that i captured in Ho gana pokuna

By Kasun Gayasri 






Tuesday, November 10, 2015

හිතවත්කම - Rapport

හිත + වත්කම = හිතවත්කම Rapport 


බැලු බැල්මට කියන්න ලෙහෙසි වචනයක් වුනාට,
කෙනෙක් මේ වචනය ගොඩනගා ගන්න හුගක් කැප කිරීමි කරනව...
සමහර විට දවසක් දෙකක් වෙන්නත් පුළුවන්,
සතියක් මාසයක් වෙන්නත් පුළුවන්,
වසරක් දෙදක් වෙන්නත් පුළුවන්,
කොහොම වුනත් මිනිස්සු හිතවත් කම් හදා ගන්න හුගක් කැමතියි..
වත්කම් මනින්න පුළුවන් මිමි ලෝකේ ඕන තරමි තියෙන්න පුළුවන්
හිතවත් කම් මනින්න මිම්මක් ලෝකෙ කොහේ හෝ තියනවද ?
හිතවත් කමට වත්කම් නෑ...

වත්කමි වලට හිතවත්කම් නෑ වගේ...



by
සුN