Sunday, August 3, 2014

ඔයාටත් මෙහෙම වුනාද ?

හැබෑවටම හැම එකක්ම මගෙම නෙවෙයි නෙ..... 

බුදුහාමුදුරුවො ප්‍රියෙහි විප්පයෝගෝ දුක්‍ඛෝ  කියල දේශණා කරල තියනව...
යමක් කැමති නම්, ආස නම්, ප්‍රේමණීය නම්... ආදරණීය නම්... ලෙංගතු නම්...
ඒක නොලැබීම දුකයි කයල......
මේ දෙකම බුදුහාමුදුරුවො දේශණා කරපු දුක් ලැයිස්තුවෙ එකක්....
අපිට කවමදාවකවත් හම්බ නොවෙන දේවල් නම් කොච්චර තියනවද.....
අපි ජීව්තේ දිහා ආපසු හැරිල බැලුවෙත් හම්බ නොවෙන දේවල් ද, හමුවු දේවල් ද වැඩි...
හමුවු දේවල් නැතුවම නොවෙයි... තියනව...
නමුත් හම්බ නොවෙන දේවල් සාපේක්ෂව කොයිතරම් නම් වැඩිද...
හම්බ නොවෙන දේවල් පදනම් කරගෙන...
අපි කොච්චර නම් දේවල් හිතුවද... කොච්චර නම් දේවල් පැතුවද....
නමුත් කොච්චර නම් හිතුවත්... කොච්චර නම් පැතුවත් ඒව ඉටු වුනේ නෑ...
එක වරදක් නෙවෙයි.... ඒක හැටියක්....
සසර පුරාවටම වද වේදනා කියල හිතෙන්නෙ... හම්බවේවි කියල හිතපු දේවල් නැති වීමට වඩා...
නැතිවෙච්ච දේවල් ගැන තිබ්ච්ච බලාපොරොත්තු නැති වීම නිසා....
ඇත්තටම අල්පේජ්ජතාවය කියන්න‍ නම්.......
ටිකක් පරිභෝජනය කරනව කියන එකම.... නෙවෙයි...
නොලද දෙයින් දුක් නොවී ඉන්නව කියන එක...
ලද දෙයින් සතුටු වෙන්නත් පුලුවන්... නොවෙන්නත් පුලුවන්...
නොලද දෙයින් දුක් නොවී ඉන්නව කියන එක ඊට වඩා ගොඩක් අමාරු වැඩක්...
ඇත්තටම අල්පේජ්ජතාවය කියල බුදුහාමුදුරුවො කිවිවේ මේක වෙන්නැති....
බුදුහාමුදුරුවො කියපු මේ දේ... මේ ලෝකෙ මොන කොනක ඉදන් බැලුවත් පෙනෙන්නෙ එකම විදියකට...
දැනෙන්නෙ එකම විදියකට.... ඒක මට වගේ ම... ඔබටත් එහෙම වෙන්නැති...
හිත ඇතුලට එබෙන ප්‍රාර්ථනා සියල්ල ඉෂ්ඨ සිද්ධ වෙන්නෙ නැහැ...
හැම මලකම සුවද විදගන්න හැමෝටම හම්බවෙන්නෙ නෑ....
ඒක තමයි ඇත්ත...
හැම මලක්ම සුවදයි... ලස්සනයි... ඒත් දියුණු නම් අපේ සිත...
ඒ මලේ සුවද හැමෝටම ලැබේවා කියල ප්‍රාර්ථනා කරන්න...
මට විතරක්ම ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවට වඩා...
කොච්චර නම් ව්ශ්ව ව්‍යාප්තී ච්න්තනයක්ද...
කොච්චර නම් ව්ශ්වාන්තර දැක්මක්ද...
හැම මලක්ම පිපෙන්නෙ මගේ ව‍ට්ටියට වැටෙන්න නෙවෙයි නෙ...
ඒ මල ගහේ තියෙද්දිත් මලම තමයි...
හිමි වුනත්, අහිමි වුනත්, ඒ මල් මගේ අතට නොවැටුනත්...
ඒ මල්  පිපුණෙ...මගේ හිසේ දිලෙන්නම නෙවෙයි... වෙන්න ඇති..
එක තමයි මල් වල ව්ශ්ව ව්‍යාප්තී ච්න්තනය...
ලෝකෙ තියන වස්තු... ලෝකෙ ඉන්න මිනිස්සු... හැම එක්කෙනෙක්ම
හැම එක්කෙනෙකුටම තමයි....
මටම නෙවෙයි... මගෙම නෙවෙයි...
හැබෑවටම හැම එකක්ම මගෙම නෙවෙයි නෙ.....



Special Gratitude goes to most venerable Prof. Iduragare Dhammarathne Thero…
Composed by Kasun Gayasri