Friday, March 30, 2012

පොහොසත් වීමට ආර්ය මාර්ගයක් (ඉණ සූත්‍රය) ඇසුරින්.

 පොහොසත් වීමට ආර්ය මාර්ගයක්  (ඉණ සූත්‍රය) ඇසුරින්.




1
ගිහි ජීවිතයේ කෙනෙකු දිළින්දකු වශයෙන් ඉපදීම දුකක්ද?
ඔව්, එය දුකක්.
2
ඔහුට ජීවත් වීම පිණිස ණයක් ගැනීමට සිදු වුවහොත් එය දුකක් ද?
ඔව්, එය දුකක්.
3
ණය ගත්ත කෙනාට පොළිය එකතු වීම ගැන මතක් වන විට ඇතිවන් දුකක් නොවේද?
ඔව්, එය දුකක්.
4
ණය දීපු අය නිතර නිතර මතක් කරණවා ණය ගෙවන්න කියල එම සිහිපත් කිරීමි දුකක් නොවේද?
ඔව්, එය දුකක්.
5
ණය ගෙවන්න කල් යන විට නය දීපු අය ‍මේ පුද්ගලය හොයාගෙන එනව, එවිට මේ පුද්ගලයට හැංගෙන්න වෙනවා එය දුකක් කරදරයක් නොවේද?
ඔව්, එය දුකක්.
6
අවසානයේ මේ පුද්ගලයා ණය ගෙවා ගන්න බැරිවීම නිසා ණය දුන් අය විසින් අල්ලා නීති මගින් කටයුතුකර හිරේ දානව. එය මේ පුද්ලගලය‍ට දුකක් නොවේ ද ?
ඔව්, එය දුකක්.



 ශාසනික දුප්පතෙක්
 
නමුත් කෙනෙකු තුල ශද්ධාව නොමැති නම්, කුසල් දහමි වැඩීමට විශ්වාසයක් හෝ උනන්දුවක් නොමැතිනම්, පවි කිරීමට ලැජ්ජාවක් හෝ භයක් නොමැති නමි, කෙලෙස් යටපත් කිරීමට වීර්ය වන්ත නොවේ නමි, ප්‍රඥාව දියුනු කර ගැනීමේ අදහසක් නොමැති නමි ඔහු ශාසනික වශයෙන් දුප්පත් කෙනෙකි. නොඑසේනම්, ශද්ධා, හිරි, ඔත්තප්ප, වීර්යය, ප්‍රඥා වෙන් තොර පුද්ගලයා ශාසනික දුප්පතකු වශයෙන් බුදුරජාන්න වහන්සේ දේශණා කර තිබෙනවා.

මේ ශාසනික වශයෙන් දුප්පත් පුද්ගලයා කයින්, වචනයෙන, මනසින් වැරදි කිරීම ණයට ගැනීමක් ලෙස වැනිය. මේ නිසා පුද්ගලයි ණය කාරයකු බවට පත්වේ.

මොහු රහසින් පස් පවට යොමු වෙනවා, එය පොළිය වැඩීමක් වැනිය.

සිලිවත් ගුණවත් අය ඉදිරියේ ඔවුන් කියන දේ අසා මොහු දුක් වෙනවා රහසින් පස් පව් කිරීම ගැන. එය ණය දුන්න ‍කෙනා පොළිය මතක් කරමින් චෝදනා කරණවා වැනිය.

දැන් මේ පුද්ගලයා‍ හුදකළා වූ විට තනි වූ විට මොහු කර ගත් පවි මොහුට මතක් වෙනවා, හරියට ණය දුන් අය ණය ඉල්ලා මේ පුද්ගලයව හොයාගෙන එනවා වගේ....

අවසානයේ මොහු අර ණය දුන් අය අතටම අල්ලා ගන්නව අල්ලගෙන නීති මගින් කටයුතු කර හිරේ දැමිම හරියට මරණයෙන් පසු දුගති ගාමී වුනා වගෙයි ආයෙ කාගෙවත් පිළිසරණක් නැතුව යනවා.

එම නිසා වහ වහා ශද්ධා, හිරි, ඔත්තප්ප, වීර්යය, ප්‍රඥා ඇති ශාසනික වශයෙන් පොහොසත් කෙනෙකු වන්න.... 


පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන්ගේ දේශණයක් ඇසුරිනි. තෙරැවන් සරණයි...!!!
කසුන් ගයශ්‍රී 




No comments:

Post a Comment