Tuesday, September 9, 2014

Love - ආදරය


අද හවස අහම්බෙන් වගේ රත්න ශ්‍රී විජේසිංහයන්‍ ගේ හොද වැඩසටහනකට සහභාගී වෙන්න ලැබුණ....
ඔහු හුගක් දේ කිව්වත් හිත නැවතුන ආදරය ගැන කියපු දේ ගැන...

ඔහු දකින විදියට සුන්දරතම ආදර කථාව වෙන්නේ කුස පබා.... මොකද කුස රජ කෙනෙක් වෙලත් තමන් ආදරය කරන ආදර වන්තියගේ හිත දිනා ගන්න ගත්ත උත්සාහය, අපේ වචන වලින් කියනවනම්, කාපු කට්ට ඒක පට්ටම කට්ටක්, ඒත් පබා ඒක තේරුම් ගන්න තරම් වාසනාවන්ත වුනේ නැහැ.

නමුත් කුස රජ කෙනෙක් විදියට කොච්චර බලය ශක්තිය තිබුණත් එහෙම කරන්න ගියේ නැහැ.....

අද කාළෙ ආදරය, සමහරවිට ඒක.. ජීවතයක් අහිමි කිරීමට තරම් දරුණු වෙලා..... නැත්නම් වාණිජකරණය වෙලා... ආදරය නැත්තටම නැතිවෙන්නම....

ඇත්තටම කළාව හා ක්‍රීඩාව බිහි වෙලා තියෙන්න මිනිස්සුන් ගෙ හිතට ඇතිවන වෛරය වැනි දරුණු දේ සැහැල්ලු කරන්න....

හදවත් ඇති මිනිස්සුන්ට තමන්ගෙ ආදරය අහිම් වුනාම පිහි‍ටට එන්නෙ සංගීතයයි, ධර්මයයි....

සංගීතය කියන්නෙ හදවතේ ඇති වේදනාව සියුම් විදියට ස්පර්ෂ කරල තුනී කරන්න පුලුවන් ඖෂධයක් වගේ...

සමහර පද රචනා වල ඇති, වචන හදු වචන පමණක් නොවී මොන තරම් හදවතට ළං වෙනවද...

ගොඩක් අය දුක පිටකරන්න ගීත, කවි නිර්මාණ, නාට්‍ය වගේ දේ රචනා කරල... තමන්ගෙ දුක මොන තරම් අහිංසක විදියට ද සමාජයට කියන්නෙ... 

දුක අත්දැකීමක් විදියට අනෙක් අය අතර බෙදා ගන්නව.... මොන තරම් අහිංසක හැගීමක් ද? 

හොදම උදාහරණය තමයි මනමේ හා සිංහභාහු කියන්නෙ.....

ආදරය කියන්න හරිම පිවිතුරු දෙයක් ඒක අහිමි වීම ගොඩක් දුකක්...

අහිම් ප්‍රේමය ගැන කියවෙන දුක් ගී වැඩ්යෙන් ලියවෙන්නෙ ඒකයි....

ලෝකයේ ජිවත් වන බොහෝ දෙනෙකුට අහිමි ආදරයක දුකක් තියනව.... අපේ වචන වලින් කියනවනම් බූටි කාපු එවුන් සාපේක්ෂව ලෝකෙ වැඩියි...

වෙනස තියෙන්නෙ ආදරය කියන වචනය එකක් වුනාට මිනිස්සු ඒකට මුහුණ දෙන විදිය වෙනස් වීමයි...

ආදරයත් විශ්ව භාෂාවක්.... ඒ භාෂාව සමහර විට හැමෝටම හැම විටම නොතේරෙන්නත් පුළුවන්...

උපේක්ෂා කියන්නෙ පාරමිතාවක්... උපේක්ෂා කියන්නෙ මධ්‍යස්ථ බව.. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සියල්ල දරා ගත යුතු වෙනව.....

තැනු මන්දිර බිදී වැටුනත් හිතේ කිලුටක් නැතිව ඉන්න පුලුවන් වෙන්නෙ එහෙම හිතුවෙත් විතරමයි...

එක පරම ඇත්තයි.. නැත්නම් පරම අර්ථයයි... ඇත්තෙන්ම පරමාර්ථයයි...



කසුන් ගයශ්‍රී 



 

Sunday, August 3, 2014

ඔයාටත් මෙහෙම වුනාද ?

හැබෑවටම හැම එකක්ම මගෙම නෙවෙයි නෙ..... 

බුදුහාමුදුරුවො ප්‍රියෙහි විප්පයෝගෝ දුක්‍ඛෝ  කියල දේශණා කරල තියනව...
යමක් කැමති නම්, ආස නම්, ප්‍රේමණීය නම්... ආදරණීය නම්... ලෙංගතු නම්...
ඒක නොලැබීම දුකයි කයල......
මේ දෙකම බුදුහාමුදුරුවො දේශණා කරපු දුක් ලැයිස්තුවෙ එකක්....
අපිට කවමදාවකවත් හම්බ නොවෙන දේවල් නම් කොච්චර තියනවද.....
අපි ජීව්තේ දිහා ආපසු හැරිල බැලුවෙත් හම්බ නොවෙන දේවල් ද, හමුවු දේවල් ද වැඩි...
හමුවු දේවල් නැතුවම නොවෙයි... තියනව...
නමුත් හම්බ නොවෙන දේවල් සාපේක්ෂව කොයිතරම් නම් වැඩිද...
හම්බ නොවෙන දේවල් පදනම් කරගෙන...
අපි කොච්චර නම් දේවල් හිතුවද... කොච්චර නම් දේවල් පැතුවද....
නමුත් කොච්චර නම් හිතුවත්... කොච්චර නම් පැතුවත් ඒව ඉටු වුනේ නෑ...
එක වරදක් නෙවෙයි.... ඒක හැටියක්....
සසර පුරාවටම වද වේදනා කියල හිතෙන්නෙ... හම්බවේවි කියල හිතපු දේවල් නැති වීමට වඩා...
නැතිවෙච්ච දේවල් ගැන තිබ්ච්ච බලාපොරොත්තු නැති වීම නිසා....
ඇත්තටම අල්පේජ්ජතාවය කියන්න‍ නම්.......
ටිකක් පරිභෝජනය කරනව කියන එකම.... නෙවෙයි...
නොලද දෙයින් දුක් නොවී ඉන්නව කියන එක...
ලද දෙයින් සතුටු වෙන්නත් පුලුවන්... නොවෙන්නත් පුලුවන්...
නොලද දෙයින් දුක් නොවී ඉන්නව කියන එක ඊට වඩා ගොඩක් අමාරු වැඩක්...
ඇත්තටම අල්පේජ්ජතාවය කියල බුදුහාමුදුරුවො කිවිවේ මේක වෙන්නැති....
බුදුහාමුදුරුවො කියපු මේ දේ... මේ ලෝකෙ මොන කොනක ඉදන් බැලුවත් පෙනෙන්නෙ එකම විදියකට...
දැනෙන්නෙ එකම විදියකට.... ඒක මට වගේ ම... ඔබටත් එහෙම වෙන්නැති...
හිත ඇතුලට එබෙන ප්‍රාර්ථනා සියල්ල ඉෂ්ඨ සිද්ධ වෙන්නෙ නැහැ...
හැම මලකම සුවද විදගන්න හැමෝටම හම්බවෙන්නෙ නෑ....
ඒක තමයි ඇත්ත...
හැම මලක්ම සුවදයි... ලස්සනයි... ඒත් දියුණු නම් අපේ සිත...
ඒ මලේ සුවද හැමෝටම ලැබේවා කියල ප්‍රාර්ථනා කරන්න...
මට විතරක්ම ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවට වඩා...
කොච්චර නම් ව්ශ්ව ව්‍යාප්තී ච්න්තනයක්ද...
කොච්චර නම් ව්ශ්වාන්තර දැක්මක්ද...
හැම මලක්ම පිපෙන්නෙ මගේ ව‍ට්ටියට වැටෙන්න නෙවෙයි නෙ...
ඒ මල ගහේ තියෙද්දිත් මලම තමයි...
හිමි වුනත්, අහිමි වුනත්, ඒ මල් මගේ අතට නොවැටුනත්...
ඒ මල්  පිපුණෙ...මගේ හිසේ දිලෙන්නම නෙවෙයි... වෙන්න ඇති..
එක තමයි මල් වල ව්ශ්ව ව්‍යාප්තී ච්න්තනය...
ලෝකෙ තියන වස්තු... ලෝකෙ ඉන්න මිනිස්සු... හැම එක්කෙනෙක්ම
හැම එක්කෙනෙකුටම තමයි....
මටම නෙවෙයි... මගෙම නෙවෙයි...
හැබෑවටම හැම එකක්ම මගෙම නෙවෙයි නෙ.....



Special Gratitude goes to most venerable Prof. Iduragare Dhammarathne Thero…
Composed by Kasun Gayasri



Saturday, June 7, 2014

අතීතය සිහිනියක් පමණයි..


සිහිනෙන් ගෑ සුවදක් සේ කියල සිංහලේ ප්‍රස්ථාව පිරැලක් තියනව, සිහිනේන් ගෑ සුවද, සුවද වත් නෑ කොටින්ම ගෑවිලා වත් නෑ.. ඒනිසා සිහිනෙන් සුවද ගෑවට වැඩක් නෑ ඒ ගෑවෙන සුවදෙනුත් වැඩක් නෑ ඒක සිහිනයක් පමණක්ම වන නිසා.. 

අතීතය හරියට ගළන ගගක් වගේ, ගගක් නොගල තියෙන්නෙ නෑ, හැම වෙලාවෙම ගලනව..ගලන්නැත්නම් එක ගගක් නෙවෙයි ... ගලාගෙන් ගිය ගගක් අපිට කවදාවත් හමු වෙන්නෙ නෑ ඒක හරියට අතීතය වගේ ... අතීතය තත්පරෙන් තත්පරේ පෝෂණය ලබන දෙයක් ... අතීතය යහපත්වෙන්නේ ඒකට එකතුවෙන මතකයන් යහපත් නමි විතරයි... කණගාටු මතකයක් නම්.. ඒක පශ්චාත් තාපයක් විදියටත්... යහපත් මතකයක් නමි ඒක‍ උද්දාමය විදියටත් ඒ සිදිධින් අතීතයට එකතු‍වෙනව....

සංයෝගය හා වියෝගය කියන්න එකම සංසිද්ධියක අන්ත දෙකක්.. පටන් ගන්නෙ නැතිව ඉවර කරන්න බෑ.. ආරමිභ කරන්නෙ නැතිව අවසන් කරන්න බෑ.. ඒ නිසා සංයෝගයක් නැතිව වියෝගයක් නෑ ...

ශෝකය කියන්නේ ඉවර වීමක්.. නැත්නම් අන්තයකදි ලැබෙන අත් දැකීමක්... ශෝකය කියන එක ලබන්න බෑ.. ශෝකය විදින්නෙ නෑ.. ශෝකය විදගන්න බෑ.. ප්‍රේමය කියන එකක් මේ ලෝකෙ නොතිබුණා නම් ... ප්‍රේමය ආරම්භය නම්‍ ශෝකය යනු අවසානයයි.. ඒකයි සංයෝගයක් යනු වියෝගයක ආරමිභය වෙන්න..

පටන්ගන්නව කියන්නෙ ඉවර වෙන්න පටන් ගන්නව කියන එකයි ... අප සියලු දෙනාම සියල්ල හැරදා යා යුත්තෝ වෙමු.. ඒක බුද්ධ වචනයයි.. එක පරම ඇත්තයි.. නැත්නම් පරම අර්ථයයි... ඇත්තෙන්ම පරමාර්ථයයි...

උපේක්ෂා කියන්නෙ පාරමිතාවක්... උපේක්ෂා කියන්නෙ මධ්‍යස්ථ බව.. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සියල්ල දරා ගත යුතු වෙනව..... තැනු මන්දිර බිදී වැටුනත් හිතේ කිලුටක් නැතිව ඉන්න පුලුවන් වෙන්නෙ එහෙම හිතුවොත් විතරමයි......



Special gratitude goes to Most Venerable Prof. Iduragare Dhammarathana Thero..
By Kasun Gayasri 

Friday, January 10, 2014

A verbal wound is as bad as a physical one


There once was a little boy who had a bad temper.
 
His Father gave him a bag of nails and told him that every time he lost his temper, he must hammer a nail into the back of the fence.


The first day the boy had driven 37 nails into the fence.


Over the next few weeks, as he learned to control his anger, the number of nails hammered daily gradually dwindled down. He discovered it was easier to hold his temper than to drive those nails into the fence.


Finally the day came when the boy didn’t lose his temper at all.

 
He told his father about it and the father suggested that the boy now pull out one nail for each day that he was able to hold his temper.


The days passed and the young boy was finally able to tell his father that all the nails were gone.

The father took his son by the hand and led him to the fence.


He said, “You have done well, my son, but look at the holes in the fence. The fence will never be the same.

 

When you say things in anger, they leave a scar just like this one. You can put a knife in a man and draw it out. It won’t matter how many times you say I’m sorry, the wound is still there.
 
“A verbal wound is as bad as a physical one.”


So Always be careful with the words..