Monday, January 30, 2017

Something that none of us have seen before - කවදාවත් කවුරුවත් දැකපු නැති දෙයක්

මං අද කථාකරන්න යන්නේ අපි කවදාවත් කවුරුවත් 
දැකපු නැති දෙයක් ගැන
ඒ තමයි මුහුද...
අපේ කිරි අත්ත ඒකට කියන්නෙ හෝ ගාන පොකුණ කියල...

මං මුහුද දැකල නෑ, කවදාවත් දකින්නත් බෑ...
මං අම්මගෙන් ඇහැව්වාම,  
අම්ම කියනව ඒක අහස වගේ නිල් පාටයි කියල,
එතකොට මං අම්මට මතක් කරල දෙනව,
මං අහස දැකලත් නෑ කියල...!
එතකොට අම්ම අඬනව මට ඇහෙනව...

මං කිරි අත්තගෙන් ඇහැවුවාහ මුහුද මොන වගේද කියල,
කිරි අත්ත කියනව ඒක අපේ වැව වගේ කියල...
එතකොට මං කිරි අත්තට කියනව
මං වැව දකලත් නෑ කියල...

මං හැමදාම වගේ වැවට යනව නාන්න,
ඒත් මං දැන්නේ නෑ වැව කොච්චර ලොකුද කියල,
කිරි අත්ත කියනව මූද ඒවගේ සිය දාස් ගුණයක් ලොකුයි කියල..

ඒත් වැවේ තරම දන්නේ නැති මම
ඊට වඩා ගොඩාක් ලොකු මුහුදෙ තරම හිතාගන්නනෙ කොහොමද?

මට තේරෙන එකම දේ තමයි, ඇස් තිබුණත් කවදාවත් දැකල ඉවර කරන්න බැරි තරම් මුහුද ලොකුයි කියන එක...  






I’m here to talk about something
that none of us have seen before...
That is ocean..

My Grandpa calls it the"Singing pond"
I have never seen the ocean
I can never ever seen it

I asked my mother to describe it and
she told that it’s as blue as the sky....

I reminded her that I have never seen the sky...
Then I heard her quietly weep....

I asked my Grandpa..
He said it’s like our grand lake

Then I reminded him
that I have never seen the lake either..

I bathe in the lake almost every day...
But I don’t know how big it is..?

Grandpa says the ocean is bigger than a thousand lakes...

But how do I conceive of the ocean
when I can’t fathom the lake?
What I do understanding..
That the ocean is so vast..
And that ones can never see it all in lifetime...




It was a heart touching dialogue that i captured in Ho gana pokuna

By Kasun Gayasri 






Tuesday, November 10, 2015

හිතවත්කම - Rapport

හිත + වත්කම = හිතවත්කම Rapport 


බැලු බැල්මට කියන්න ලෙහෙසි වචනයක් වුනාට,
කෙනෙක් මේ වචනය ගොඩනගා ගන්න හුගක් කැප කිරීමි කරනව...
සමහර විට දවසක් දෙකක් වෙන්නත් පුළුවන්,
සතියක් මාසයක් වෙන්නත් පුළුවන්,
වසරක් දෙදක් වෙන්නත් පුළුවන්,
කොහොම වුනත් මිනිස්සු හිතවත් කම් හදා ගන්න හුගක් කැමතියි..
වත්කම් මනින්න පුළුවන් මිමි ලෝකේ ඕන තරමි තියෙන්න පුළුවන්
හිතවත් කම් මනින්න මිම්මක් ලෝකෙ කොහේ හෝ තියනවද ?
හිතවත් කමට වත්කම් නෑ...

වත්කමි වලට හිතවත්කම් නෑ වගේ...



by
සුN

Monday, October 26, 2015

Significance of Vap Full moon Poya day




The rainy season began three months ago (esala) , generally we called as ‘Vassana Kalo’ and it comes to an end with the Vap Poya. Katina season starts in the Buddhist Calendar with the month of Vap, which is popularly known as “Cheevara Masaya”.

This symbols the donating of the Katina Cheevara or new robes to Buddhist monks, who observed ‘Vas’-Rainy Retreat beginning from Esala to Vap.

The donating of Katina Cheevara is deliberated a meritorious deed for the Buddhist. Therefore, Vap Poya is very significant and important. The lay devotees, in procession, carry the Katina Cheevaraya to the temple.

“It is believed that those persons who participate in Katina religious activities get so much of merit that they live a happy life in this world as well as once they cross the border.”

It was on a Vap Full Moon Poya day that the Buddha ended His seventh (Vassana) retreat for the rainy season since His Enlightenment which He had spent in the celestial abode of Tavatissa. There He had engaged in preaching Abhidhamma to the devas and deities headed by Matrudeva. 

Buddhist history reveals another important landmark which is connected to Vap Full Moon Poya Day; for it was on such a day that the future Buddha, Maitriya Bodhisatva, entered the order with a retinue of 500 followers.

Furthermore, Vap Poya paved the way for the arrival of Sangamitta Theri. The advent of Buddhism took place with the advent of ‘Dhammarajassa Savaka’ Arahat Mahinda Thera. King Devanampiyatissa’s sister-in-law Anula, was very keen to enter the Order of Bhikkunis. Therefore, the King made a request to Emperor Asoka to send Sanghamitta Theri.

The appointment of Sariputta Maha Thera as the Chief Disciple of the Buddha took place on this important day of Vap Poya.

May the blessings of the Noble Triple Gem and the protection of the devas be with you!


Source  
The Island 
Sunday Observer 


Composed By Kasun Gayasri 


Sunday, May 17, 2015

ආදරය

ආදරය කියන්නේ මනුස්සයකුගෙ හිතට එන ගොඩක් උසස් මනෝ භාවයක්
මනෝභාවයකට සීමා පනවන්න පුළුවන් ද... ?
නීති රෙගුලාසි වලින් ආදරයක් වෙන් කරල 
දුන්නත් ඒක අයිති වෙන්නෙ
කායික ක්‍රියාවලියකට විතරක් නේද....
මානසික සිතුවිල්ලකට නෙමෙයි...
සිතුවිල්ලකට සීමාවක් නෑ..
ප්‍රමාණයක් නෑ...
දිගක් නෑ...
පළලක් නෑ...
එහෙම වෙද්දි...
හිතින් හිතන්න එපා කියන්න...
කාටවත් පුළුවන් ද නවත්තන්න
සම්බදතාවය නැවැත්විය හැකි වුනත්
හිත නවත්තන්න පුළුවන්ද...?
හමුවීම, විවාහය වගේ කායික දේ
නැවැත්වුවත්
කාටද පුළුවන් හිතට
සීමා දාන්න...
මායිම් ලකුණු කරන්න..
ඒ ආදරය කියන්නෙ සිතිවිල්ලක් නිසා...




῝ස῞ යන්නේ න්‍යායය

ජීවිතේ සාර්ථක කරගන්න කොච්චර නම් දේවල් ඕනද ?
ගොඩක් දේ හිතට එනව නේද..
හැබැයි ජීවිතේ සාර්ථක කරගන්න අකුරු කීපයක් ඕන කරනව
ඒ අකුරු වලින් එක අකුරක් තමයි 
කියන්නෙ...
යන්නෙන් කොහොමද ජීවිතය සාර්ථක වෙන්නෙ
සාර්ථකත්වයේ පළමු අකුරත් නෙ...
සාර්ථක වෙන්න නම් ඔන ප්‍රධාන කරුණු දෙකක් තියනව
එකක් සම්පත්
අනිත් එක සන්තෝශය
සම්පත් එන්නේ කොහෙන්ද
සම්පත් එන්නෙ සල්ලි වලින් ඒකටත් මුල
සන්තෝශය කොහෙන්ද එන්නෙ
සන්තෝශය එන්නෙ සමගියෙන් ඒකටත් මුල
යන්නේ න්‍යායය
මේ දෙකම එකම කරත්තයක රෝද වගේ බැදිල තියනව...
එහෙම වුනොත් කොච්චර නම් ජීවිත 
සාර්ථක වෙයි ද...



Special Gratitude goes to most venerable Prof. Iduragare Dhammarathne Thero…
Composed by Kasun Gayasri 




Wednesday, April 29, 2015

වතුර


වතුර කියන්න ගින්දර නිවන දෙයක් නෙ...
ගින්දර ඇව්ලුනාම, ඒකට වතුර දාළ තමයි නිවන්නෙ..
හැබැයි වතුර ගිනියම් වුනාම,
ඒකටත් පිච්චෙනව නෙ..
ගින්දර නිවන වතුර,
ගිනියම් වුනාම පිච්චෙනව...
ඒ කියන්නෙ,
ගින්දරටත් පිචිචෙනව.......,
වතුරටත් පිච්චෙනව....,
පුදුමය නම්...........,
ගිනියම් වෙච්ච ගින්දර, ගිනියමි වෙච්ච වතුරෙන්
නිවන්න පුළුවන් වීම...







Tuesday, September 9, 2014

Love - ආදරය


අද හවස අහම්බෙන් වගේ රත්න ශ්‍රී විජේසිංහයන්‍ ගේ හොද වැඩසටහනකට සහභාගී වෙන්න ලැබුණ....
ඔහු හුගක් දේ කිව්වත් හිත නැවතුන ආදරය ගැන කියපු දේ ගැන...

ඔහු දකින විදියට සුන්දරතම ආදර කථාව වෙන්නේ කුස පබා.... මොකද කුස රජ කෙනෙක් වෙලත් තමන් ආදරය කරන ආදර වන්තියගේ හිත දිනා ගන්න ගත්ත උත්සාහය, අපේ වචන වලින් කියනවනම්, කාපු කට්ට ඒක පට්ටම කට්ටක්, ඒත් පබා ඒක තේරුම් ගන්න තරම් වාසනාවන්ත වුනේ නැහැ.

නමුත් කුස රජ කෙනෙක් විදියට කොච්චර බලය ශක්තිය තිබුණත් එහෙම කරන්න ගියේ නැහැ.....

අද කාළෙ ආදරය, සමහරවිට ඒක.. ජීවතයක් අහිමි කිරීමට තරම් දරුණු වෙලා..... නැත්නම් වාණිජකරණය වෙලා... ආදරය නැත්තටම නැතිවෙන්නම....

ඇත්තටම කළාව හා ක්‍රීඩාව බිහි වෙලා තියෙන්න මිනිස්සුන් ගෙ හිතට ඇතිවන වෛරය වැනි දරුණු දේ සැහැල්ලු කරන්න....

හදවත් ඇති මිනිස්සුන්ට තමන්ගෙ ආදරය අහිම් වුනාම පිහි‍ටට එන්නෙ සංගීතයයි, ධර්මයයි....

සංගීතය කියන්නෙ හදවතේ ඇති වේදනාව සියුම් විදියට ස්පර්ෂ කරල තුනී කරන්න පුලුවන් ඖෂධයක් වගේ...

සමහර පද රචනා වල ඇති, වචන හදු වචන පමණක් නොවී මොන තරම් හදවතට ළං වෙනවද...

ගොඩක් අය දුක පිටකරන්න ගීත, කවි නිර්මාණ, නාට්‍ය වගේ දේ රචනා කරල... තමන්ගෙ දුක මොන තරම් අහිංසක විදියට ද සමාජයට කියන්නෙ... 

දුක අත්දැකීමක් විදියට අනෙක් අය අතර බෙදා ගන්නව.... මොන තරම් අහිංසක හැගීමක් ද? 

හොදම උදාහරණය තමයි මනමේ හා සිංහභාහු කියන්නෙ.....

ආදරය කියන්න හරිම පිවිතුරු දෙයක් ඒක අහිමි වීම ගොඩක් දුකක්...

අහිම් ප්‍රේමය ගැන කියවෙන දුක් ගී වැඩ්යෙන් ලියවෙන්නෙ ඒකයි....

ලෝකයේ ජිවත් වන බොහෝ දෙනෙකුට අහිමි ආදරයක දුකක් තියනව.... අපේ වචන වලින් කියනවනම් බූටි කාපු එවුන් සාපේක්ෂව ලෝකෙ වැඩියි...

වෙනස තියෙන්නෙ ආදරය කියන වචනය එකක් වුනාට මිනිස්සු ඒකට මුහුණ දෙන විදිය වෙනස් වීමයි...

ආදරයත් විශ්ව භාෂාවක්.... ඒ භාෂාව සමහර විට හැමෝටම හැම විටම නොතේරෙන්නත් පුළුවන්...

උපේක්ෂා කියන්නෙ පාරමිතාවක්... උපේක්ෂා කියන්නෙ මධ්‍යස්ථ බව.. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සියල්ල දරා ගත යුතු වෙනව.....

තැනු මන්දිර බිදී වැටුනත් හිතේ කිලුටක් නැතිව ඉන්න පුලුවන් වෙන්නෙ එහෙම හිතුවෙත් විතරමයි...

එක පරම ඇත්තයි.. නැත්නම් පරම අර්ථයයි... ඇත්තෙන්ම පරමාර්ථයයි...



කසුන් ගයශ්‍රී