Sunday, May 17, 2015

ආදරය

ආදරය කියන්නේ මනුස්සයකුගෙ හිතට එන ගොඩක් උසස් මනෝ භාවයක්
මනෝභාවයකට සීමා පනවන්න පුළුවන් ද... ?
නීති රෙගුලාසි වලින් ආදරයක් වෙන් කරල 
දුන්නත් ඒක අයිති වෙන්නෙ
කායික ක්‍රියාවලියකට විතරක් නේද....
මානසික සිතුවිල්ලකට නෙමෙයි...
සිතුවිල්ලකට සීමාවක් නෑ..
ප්‍රමාණයක් නෑ...
දිගක් නෑ...
පළලක් නෑ...
එහෙම වෙද්දි...
හිතින් හිතන්න එපා කියන්න...
කාටවත් පුළුවන් ද නවත්තන්න
සම්බදතාවය නැවැත්විය හැකි වුනත්
හිත නවත්තන්න පුළුවන්ද...?
හමුවීම, විවාහය වගේ කායික දේ
නැවැත්වුවත්
කාටද පුළුවන් හිතට
සීමා දාන්න...
මායිම් ලකුණු කරන්න..
ඒ ආදරය කියන්නෙ සිතිවිල්ලක් නිසා...




No comments:

Post a Comment