අද හවස අහම්බෙන් වගේ රත්න ශ්‍රී විජේසිංහයන්
ගේ හොද වැඩසටහනකට සහභාගී
වෙන්න ලැබුණ....
ඔහු හුගක් දේ කිව්වත්
හිත නැවතුන ආදරය ගැන කියපු දේ ගැන...
ඔහු දකින විදියට
සුන්දරතම ආදර කථාව වෙන්නේ කුස පබා.... මොකද කුස රජ කෙනෙක් වෙලත් තමන් ආදරය කරන ආදර
වන්තියගේ හිත දිනා ගන්න ගත්ත උත්සාහය, අපේ වචන වලින් කියනවනම්, කාපු කට්ට ඒක පට්ටම
කට්ටක්, ඒත් පබා ඒක තේරුම් ගන්න තරම් වාසනාවන්ත වුනේ නැහැ.
නමුත් කුස රජ කෙනෙක්
විදියට කොච්චර බලය ශක්තිය තිබුණත් එහෙම කරන්න ගියේ නැහැ.....
අද කාළෙ ආදරය, සමහරවිට
ඒක.. ජීවතයක් අහිමි කිරීමට තරම් දරුණු වෙලා..... නැත්නම් වාණිජකරණය වෙලා... ආදරය
නැත්තටම නැතිවෙන්නම....
ඇත්තටම කළාව හා ක්‍රීඩාව
බිහි වෙලා තියෙන්න මිනිස්සුන් ගෙ හිතට ඇතිවන වෛරය වැනි දරුණු දේ සැහැල්ලු
කරන්න....
හදවත් ඇති මිනිස්සුන්ට
තමන්ගෙ ආදරය අහිම් වුනාම පිහිටට එන්නෙ සංගීතයයි, ධර්මයයි....
සංගීතය කියන්නෙ හදවතේ
ඇති වේදනාව සියුම් විදියට ස්පර්ෂ කරල තුනී කරන්න පුලුවන් ඖෂධයක් වගේ...
සමහර පද රචනා වල ඇති,
වචන හදු වචන පමණක් නොවී මොන තරම් හදවතට ළං වෙනවද...
ගොඩක් අය දුක පිටකරන්න
ගීත, කවි නිර්මාණ, නාට්‍ය වගේ දේ රචනා කරල... තමන්ගෙ දුක මොන තරම් අහිංසක විදියට ද සමාජයට කියන්නෙ...
දුක අත්දැකීමක් විදියට අනෙක් අය අතර බෙදා ගන්නව.... මොන තරම් අහිංසක හැගීමක් ද?
දුක අත්දැකීමක් විදියට අනෙක් අය අතර බෙදා ගන්නව.... මොන තරම් අහිංසක හැගීමක් ද?
හොදම උදාහරණය තමයි මනමේ
හා සිංහභාහු කියන්නෙ.....
ආදරය කියන්න හරිම
පිවිතුරු දෙයක් ඒක අහිමි වීම ගොඩක් දුකක්...
අහිම් ප්‍රේමය ගැන
කියවෙන දුක් ගී වැඩ්යෙන් ලියවෙන්නෙ ඒකයි....
ලෝකයේ ජිවත් වන බොහෝ
දෙනෙකුට අහිමි ආදරයක දුකක් තියනව.... අපේ වචන වලින් කියනවනම් බූටි කාපු එවුන්
සාපේක්ෂව ලෝකෙ වැඩියි...
වෙනස තියෙන්නෙ ආදරය කියන
වචනය එකක් වුනාට මිනිස්සු ඒකට මුහුණ දෙන විදිය වෙනස් වීමයි...
ආදරයත් විශ්ව
භාෂාවක්.... ඒ භාෂාව සමහර විට හැමෝටම හැම විටම නොතේරෙන්නත් පුළුවන්...
උපේක්ෂා
කියන්නෙ පාරමිතාවක්... උපේක්ෂා කියන්නෙ මධ්‍යස්ථ බව.. කැමැත්තෙන් හෝ අකමැත්තෙන්
සියල්ල දරා ගත යුතු වෙනව.....
තැනු මන්දිර
බිදී වැටුනත් හිතේ කිලුටක් නැතිව ඉන්න පුලුවන් වෙන්නෙ එහෙම හිතුවෙත් විතරමයි...
එක පරම ඇත්තයි.. නැත්නම් පරම අර්ථයයි... ඇත්තෙන්ම පරමාර්ථයයි...
කසුන් ගයශ්‍රී
No comments:
Post a Comment