Saturday, June 7, 2014

අතීතය සිහිනියක් පමණයි..


සිහිනෙන් ගෑ සුවදක් සේ කියල සිංහලේ ප්‍රස්ථාව පිරැලක් තියනව, සිහිනේන් ගෑ සුවද, සුවද වත් නෑ කොටින්ම ගෑවිලා වත් නෑ.. ඒනිසා සිහිනෙන් සුවද ගෑවට වැඩක් නෑ ඒ ගෑවෙන සුවදෙනුත් වැඩක් නෑ ඒක සිහිනයක් පමණක්ම වන නිසා.. 

අතීතය හරියට ගළන ගගක් වගේ, ගගක් නොගල තියෙන්නෙ නෑ, හැම වෙලාවෙම ගලනව..ගලන්නැත්නම් එක ගගක් නෙවෙයි ... ගලාගෙන් ගිය ගගක් අපිට කවදාවත් හමු වෙන්නෙ නෑ ඒක හරියට අතීතය වගේ ... අතීතය තත්පරෙන් තත්පරේ පෝෂණය ලබන දෙයක් ... අතීතය යහපත්වෙන්නේ ඒකට එකතුවෙන මතකයන් යහපත් නමි විතරයි... කණගාටු මතකයක් නම්.. ඒක පශ්චාත් තාපයක් විදියටත්... යහපත් මතකයක් නමි ඒක‍ උද්දාමය විදියටත් ඒ සිදිධින් අතීතයට එකතු‍වෙනව....

සංයෝගය හා වියෝගය කියන්න එකම සංසිද්ධියක අන්ත දෙකක්.. පටන් ගන්නෙ නැතිව ඉවර කරන්න බෑ.. ආරමිභ කරන්නෙ නැතිව අවසන් කරන්න බෑ.. ඒ නිසා සංයෝගයක් නැතිව වියෝගයක් නෑ ...

ශෝකය කියන්නේ ඉවර වීමක්.. නැත්නම් අන්තයකදි ලැබෙන අත් දැකීමක්... ශෝකය කියන එක ලබන්න බෑ.. ශෝකය විදින්නෙ නෑ.. ශෝකය විදගන්න බෑ.. ප්‍රේමය කියන එකක් මේ ලෝකෙ නොතිබුණා නම් ... ප්‍රේමය ආරම්භය නම්‍ ශෝකය යනු අවසානයයි.. ඒකයි සංයෝගයක් යනු වියෝගයක ආරමිභය වෙන්න..

පටන්ගන්නව කියන්නෙ ඉවර වෙන්න පටන් ගන්නව කියන එකයි ... අප සියලු දෙනාම සියල්ල හැරදා යා යුත්තෝ වෙමු.. ඒක බුද්ධ වචනයයි.. එක පරම ඇත්තයි.. නැත්නම් පරම අර්ථයයි... ඇත්තෙන්ම පරමාර්ථයයි...

උපේක්ෂා කියන්නෙ පාරමිතාවක්... උපේක්ෂා කියන්නෙ මධ්‍යස්ථ බව.. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සියල්ල දරා ගත යුතු වෙනව..... තැනු මන්දිර බිදී වැටුනත් හිතේ කිලුටක් නැතිව ඉන්න පුලුවන් වෙන්නෙ එහෙම හිතුවොත් විතරමයි......



Special gratitude goes to Most Venerable Prof. Iduragare Dhammarathana Thero..
By Kasun Gayasri 

No comments:

Post a Comment