Sunday, November 11, 2018

හන්තාන සිහිනේ



කාලකට පසුව ලස්සන ගීතයක අර්ථය දැනගන්න ලැබුණු, ඒක හැමෝම එකක් බෙදා ගන්න හිතල මේ සටහන තියන්න තීරණය කලේ. මේ ගීතය ගායනා කරන්න පණ්ඩිත් අමරදේවයන් හා උමාරියා සිංහවංශ. කවුරුත් දන්න ගීතයක්..ඒ වගේම මෙම ගීතයේ ලස්සනට වචන පෙලගස්ලවල තියෙන්නේ ජානක කියල කෙනෙක්, සංගීතය සංයොජනය කරල තියෙන්නේ අරුණ කියල අයෙක්.

මේකත් සරසවි ප්‍රේමයක් ගැන... සරසවිය කියන්නේ ඉතින් ප්‍රේම කරන අයට නිදහස විදින්න පුළුවන් ලස්සනම තැනක්. මේ ගීතය එක්කම මට මතක් වෙන්නෙ අමරසිරි පීරිස් මහත්මයාගේ හන්තානට පායන සඳ කියන ගීතය... මේ ගීත දෙකම තමා ආදරය කරන කෙනා ලබා ගන්න නොහැකි වීම ගැන කියවෙන් ගීත දෙකක්.  එහෙම නැත්නම් ව්ප්‍රලම්භය ගැන කියවෙන ගීත දෙකක්. මේ සටහන තබන අද දවසේ 2018-11-11 තවත් මෙවැනිම වික්ටර් රත්නායක මහත්මා ගායනා කරන ගීතයක පසුබිම් කථාවක් කියවන්න ලැබුණ ඒකත් හරිම දුක හිතෙන කථාවක් දැගන්න කැමති අය ලංකාදීප පුවත්පතේ සැඳැල්ල අතිරේකයේ 10 පිටුව කියවන්න.



වර්ථමනයේ විරහ ගීත එහෙම නැත්නම් වැලපීම් හර සුන් ගීත බවට පත්වෙලා තියනව ඒ වගේම විරහව තුලින් ක්‍රෝදය, වෛරය ද්වනිත වීම් සමාජයේ හුඟක් දක්නට ලැබෙනව...ආදරය කියන්න හරිම පිවිතුරු දෙයක් ඒක අහිමි වීම ගොඩක් දුකක්... අහිම් ප්‍රේමය ගැන කියවෙන දුක් ගීත වැඩියෙන් ලියවෙන්නෙ ඒකයි....



ලෝකයේ ජිවත් වන බොහෝ දෙනෙකුට අහිමි ආදරයක දුකක් තියනව....අපේ වචන වලින් කියනවනම් බූටි කාපු එවුන් සාපේක්ෂව ලෝකෙ වැඩියි...වෙනස තියෙන්නෙ ආදරය කියන වචනය එකක් වුනාට මිනිස්සු ඒකට මුහුණ දෙන විදිය වෙනස් වීමයි...ආදරයත් විශ්ව භාෂාවක්.... ඒ භාෂාව සමහර විට හැමෝටම හැම විටම නොතේරෙන්නත් පුළුවන්... ඒ නිසා ඒ ඒ අයට අනන්‍ය වූ විවිධ ප්‍රතික්‍රියා දක්වනවා වෙන්න පුළුවන්.

ඇත්තටම මේ ගීතයේ ලස්සනට ගෙතිල තියන ගුරු ගෝල ‍ප්‍රේමයක්.. සරසවි යන හැමෝම අතර උපාධියට එහා ගියපු අත්දැකීම් සමුදායක් තියනවා... ඒ අතර ආදරය මූලික වෙනවා කියල ඉතින් කියන්න ඕන නැහැ නෙ. මෙම ගීතයේ එන කථා නායිකාව නැත්නම් ආදරවන්තිය වන්නේ සරසවි මානවිකාවියක්... මැයගේ සිත් ගත් එකම තැනැත්තා වන්නේ ඇයට අධ්‍යාපනය දෙන ගුරුවරයා... ඔහු මැදිවියේ සිටින ගරුවරයෙක්.. කුමන ආකාරයේ දේහ ලක්ෂණ ඇත්ද යන්න කියන එක මම කියන්නේ නැහැ නමුත් ඒ ඔබ ඔබට ආවේණික විදියට සිතින් මවා ගැනීමේ අයිතිය ඔබට භාර කරනවා.

මම ගුරුවරයා හඳුන්වා දෙන විට මැදිවිය සිටින ගුරුවරයෙක් කියල විශේෂණ පදයක් යෙදුව... මැදි වියේ සිටින අයෙක් ජීවිතයේ හුඟක් අත්දැකීම් බහුල අයෙක් විශේෂයෙන් විශ්ව විද්‍යාල ආචාර්‍ය වරයක් කිව්වම ලොකු දැනුම් සම්භාරයක් ඇති අයෙක්. ඒ වගේම මේ තැනැත්තා ජිවිතයේ වැදගත් කඩ ඉම් පසු කර ඇති තැනැත්තෙක්.. ඇත්තටම ඔහු බිඳුනු විවාහට ගැන සිත් තැවුලෙන් සිටින අයෙක්.... ඒකයි නෙලාගනු බැරි සිහිනයක් කියල යොදා තියෙන්නේ. නමුත් මෙම මානවිකාවිය ජීවිතයේ අත්දැකීම් සම්භාරයක් ලබා ගැනීමට විශ්ව විද්‍යාලයට පා තබන තැනැත්තයක්... 

බලා වැලපෙමිනෙලාගනු බැරිහන්තාන සිහිනේදොවා සිත් මලගොතනු මැන ළදුනේසංසාර සිහිනේ

මෙම මානවිකාවිය විසින් තම ගුරුවරයාගේ දේශණය, භාෂණය දේහ ලක්ෂණ ආදී දේට වශීකෘතවී ආදර සිතක් ඇති කර ගන්නව...එක තමයි ඇයගේ හන්තාන සිහිනය වන්නෙ.. ඇය ඔහුගේ සෙනෙහස පතා සිටිනව.. නමුත් ගුරුවරයා වනාහී බිඳුණු විවාහයේ භෂ්මාවශේෂ මත සිටින්නාවූ අයෙකි. ඔහුට නම් ඔහුගේ අතීතය නිතර සිහිවනවාට සැක නැත. නමුත් මැය නෙලාගනු බැරි හන්තාන සිහිනය පිලිබඳ බලා වැලපෙන්නීය...  

මෙහිදී ගුරුවරයාගේ විසින් තමා කෙරේ ඇති වන ඇල්ම දෝවනය (දොවා සිත් මල) කර දමා සංසාර සිහිනයකට පෙරනිමිති බැලීමට ඇය හට ආරාධනා කරයි.  

වැහි පබළු යට
රගමඩල මැද
ඔබේ දෑතෙහි තුරුළු වෙන්නට
බිසෝ හැර ගිය
ලසෝ රග හළ
අමාවක අදුරේ
නොඑනු මැන ළදුනේ.

නමුත් ඇය ඔහු වෙත පෙම් බැඳීම නතර කිරීමට උත්සාහ කලත් ඇය ජීවත් වන පරිසරය ප්‍රේම වන්තයන්ගේ පාරාදීසයක්.... ඇය නෙතු ගැටෙන ප්‍රේම ජවනිකා විසින් ඇය කෙසේ නම් සිත් මල දොවා ජීවත් වන්නේද..? එම පරිසරය ඇයට ඔහු සමග දෑතේ තුරුළු වී සිටින්නට අතවනයි.. නමුත් ඇයට එසේ කිරීමට නොහැකිය...

නමුත් ගුරුවරයා ගේ ජිවිතය ලසෝ රගහලක්, ඔහුගේ දෙදරාගිය විවාහයේ මතක සටහන් තවමත් ඔහුගේ සිත රිදවන වා විය හැක... එවන් වූ ලසෝ රඟහලක් වෙත නොඑන්නට යැයි ඔහු ඇයගෙන් ඉල්ලා සිටී...

වඩින තුරු සද
දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්

ආදරය කරන කිසිම අයෙකු තමාගේ බලාපොරොත්තු බිඳ දමා ගැනීමට යත්න නොදරයි... ඒ ධර්මතාව මැය හටද පොදු ධර්මතාවක් වන්නේය... තවද සඳ සැමදා අමාවකව සිට්න්නේද නොමැති බව ඇය උදක්ම දන්නා කාරණයකි. එබැවින් ඇය විසින් ඔහුගේ ජිවිතය නම් දිවය පායා ඇති අමාවක සඳ ඔහුගේ ජිවිතය තුලින් යලි වඩිනා තුරු දුරින් සිටීමටත් ඔහුගේ ඒ ආකර්ශණීය දේශණ ( ඇඳුරු පෙම් ගී) අසා සිටින්නටත් තීරණය කරයි.

සොදුරු ඒ සද දියේ එන්නම්
ඉදිනු මැන සොදුරේ
හන්තාන අරණේ

බලාපොරොත්තු අප සැමගේ ජීවිත ජීවත් කිරීමට සමත්වෙයි. එය සරල න්‍යාය ඇතැම්විට මෙම ගුරුවරයා විසින් තමාට පෙම් බඳින මානවිකාවිය වෙත අනුකූලණය කිරීමක් සිදු කරන්නට උත්සාහ කලා වන්නට පුළුවන. අවසානයේ අමාවක සඳ දුරුවූ දිනක ඔබ වෙත එමි යන ප්‍රාර්ථවය කැටි කරමින් ඇයට ජීවත් වීමට බලාපොරොත්තුවක් එක් කරයි. ඇතැම්විට එය හුදු බලාපොරොත්තුවක් පමණක්ම නොවන්නේ යැයි කිව හැක්කේ කාටද?   

ස්තුතිය..




කසුන් ගයශ්‍රී


No comments:

Post a Comment