කොරන්ටයින් වූ මැයි 08 වෙනුවෙන්....
දෙයක් අහිමිවීම දුකක්, ඒ වුනත් තමන් කැමති දෙයක් අහිමි වීම ඊට වඩා දුකක්..
තමන් ආදරය කරන දෙයක් නැතිවීම, දුරස්වීම විප්පයෝගය අනෙක් ඒවට වඩා සංවේදීයි....
සංවේගය ස්පර්ෂ කලේ හිත, හිත් වල තිබුණෙ හැඟීම්, හැඟීම් වල වේදනාව කැටි වෙලා
ඒ වේදනාව පුදුම විදියට වචන වලට පරිවර්ථනය වුනා...
කවි සින්දු හැඳුනෙ එහෙම වෙන්නැති.. මම එහෙම හිතනව...
හුගක් ආදර කථා පටන් ගන්නෙ සිනාවකින් වගේ පොඩි දේකින්..
සිනා වෙන්නෙ කටින් වුනාට ඉස්සෙල්ලම ඒක ස්පර්ශ කරන්නෙ ඇස් වලින්...
පස්සෙ ඒ සිනාව හඳවතින් ස්පර්ශ කරන්න ගත්තම ප්‍රේමයක් බවට පත් වෙනව...
ඒකයි සිනා ලඟ නෙත නැවතුන දවසේ
සිනා ලඟ සිත් නැවතුනා දවසෙ ප්‍රේමය හඳුනගත්ත කිව්වෙ..
ඒ සිනාව අරමුණක් කරගත්තම නෙත් නොනිදන නෙත් බවට පත්වෙනව...
නිහඩනවම සිත් සනසන්න පටන් ගන්නව ගන්නව...
අපි මනෝ පාරක් දානව කියන්නෙ ඒකට..
ඔය අතරෙ ඉර හඳ යට දිවුරුම් දෙනව සමුනොගන්නට දිවි ඇති තුරා....
සනාථන සත්‍ය නම් කවදා හෝ සමු ගැනීමට සිදු වීම වුවත්...
ආදරයෙන් අන්ද වුනාම ඒකයි ඒක නොතේරෙන්නෙ...
ඒ වෙලාවට අපි සඳට කියනව එබිල බලන්න එපා කියල..
ඔබ ළග නිසා පින් සිත් පුරා
මල් මාලති පිපුනා....
සමසුන් අරා සිත් විල වසා
කුමුදුත් කොඳත් පිපුනා.... සතුටට එහෙමත් ලියවිලා තියනව...
ලෝකය ද්ව්ත්වයක් මත ගොඩනැගුන කියල අපි හිතන්නෙ නෑ... එහෙම හිතෙන්නෙත් නෑ...
දුක සතුට, සිනහව කඳුල, පින් පවු වගේ දෙපැත්තක් තියනව කියල දකින්න තරම් ඒ වෙලාවට සිහියක් නෑ...
තරු වල ලස්සන තියෙන්නෙ අමාවක දවසට..
මොකද හඳ තියෙනකොට හඳේ ලස්සන විතරයි මිනිස්සු දකින්නෙ..
අන්න ඒ වගේමයි ආදරෙත් දැනෙන්නෙ අහිමි උනාම තමා...
අද දැනෙන්නෙ ආදරේ සුවඳ විතරයි. හැබැයි ඒක මනරම්...
විරහවත් රහක් කර ගන්න පුළුවන් බෝසත් හිත් වලට විතරලු....
ඇත්තටම අතීතයට පියමනින්න බෑ...
කාළය අවකාශය හරහා අතීතයට යන විද්‍යාව අපි දන්නේ නෑ..
එහෙම ගියත්.... ඒ පෙම් දැහැන් වල නටඹුන් හොයා ගන්න පුළුයන් වෙන එකක්නෑ...
ඒ මුඛරි දෙබස්.. ඒ දැල්වෙන නුවන් යුග..
හීනයක් වගේ රෑ තිස්සෙ ගලා ගෙන එනව...
මතකය ඉකි බිඳ හඳවත අවදිකරන වෙලාවල් අනන්තයි...
නිවීයන තරැවක බිඳිගිය මතකයේ සැමරුම්
හිතේ ගැඹුරැම තැන තියාගෙන
අවසරයි සමුගන්න....
සිනා දෙතොලට ගන්න
අතීතය මට දුන්නූ
එපා අරගෙන යන්න...
හැමදාම හැර නොයා ලග රැදුනු..
මතකයන් අරගන්න....
අල්ලන්නෙ නෑ සිතින්...
අතින් අල්ලා නවත්වන්න බැරි නිසා...
ඇත්තටම හිත්වල කෝ බන් ආදරේ...
By Kasun Gayasri