Friday, March 30, 2012

පොහොසත් වීමට ආර්ය මාර්ගයක් (ඉණ සූත්‍රය) ඇසුරින්.

 පොහොසත් වීමට ආර්ය මාර්ගයක්  (ඉණ සූත්‍රය) ඇසුරින්.




1
ගිහි ජීවිතයේ කෙනෙකු දිළින්දකු වශයෙන් ඉපදීම දුකක්ද?
ඔව්, එය දුකක්.
2
ඔහුට ජීවත් වීම පිණිස ණයක් ගැනීමට සිදු වුවහොත් එය දුකක් ද?
ඔව්, එය දුකක්.
3
ණය ගත්ත කෙනාට පොළිය එකතු වීම ගැන මතක් වන විට ඇතිවන් දුකක් නොවේද?
ඔව්, එය දුකක්.
4
ණය දීපු අය නිතර නිතර මතක් කරණවා ණය ගෙවන්න කියල එම සිහිපත් කිරීමි දුකක් නොවේද?
ඔව්, එය දුකක්.
5
ණය ගෙවන්න කල් යන විට නය දීපු අය ‍මේ පුද්ගලය හොයාගෙන එනව, එවිට මේ පුද්ගලයට හැංගෙන්න වෙනවා එය දුකක් කරදරයක් නොවේද?
ඔව්, එය දුකක්.
6
අවසානයේ මේ පුද්ගලයා ණය ගෙවා ගන්න බැරිවීම නිසා ණය දුන් අය විසින් අල්ලා නීති මගින් කටයුතුකර හිරේ දානව. එය මේ පුද්ලගලය‍ට දුකක් නොවේ ද ?
ඔව්, එය දුකක්.



 ශාසනික දුප්පතෙක්
 
නමුත් කෙනෙකු තුල ශද්ධාව නොමැති නම්, කුසල් දහමි වැඩීමට විශ්වාසයක් හෝ උනන්දුවක් නොමැතිනම්, පවි කිරීමට ලැජ්ජාවක් හෝ භයක් නොමැති නමි, කෙලෙස් යටපත් කිරීමට වීර්ය වන්ත නොවේ නමි, ප්‍රඥාව දියුනු කර ගැනීමේ අදහසක් නොමැති නමි ඔහු ශාසනික වශයෙන් දුප්පත් කෙනෙකි. නොඑසේනම්, ශද්ධා, හිරි, ඔත්තප්ප, වීර්යය, ප්‍රඥා වෙන් තොර පුද්ගලයා ශාසනික දුප්පතකු වශයෙන් බුදුරජාන්න වහන්සේ දේශණා කර තිබෙනවා.

මේ ශාසනික වශයෙන් දුප්පත් පුද්ගලයා කයින්, වචනයෙන, මනසින් වැරදි කිරීම ණයට ගැනීමක් ලෙස වැනිය. මේ නිසා පුද්ගලයි ණය කාරයකු බවට පත්වේ.

මොහු රහසින් පස් පවට යොමු වෙනවා, එය පොළිය වැඩීමක් වැනිය.

සිලිවත් ගුණවත් අය ඉදිරියේ ඔවුන් කියන දේ අසා මොහු දුක් වෙනවා රහසින් පස් පව් කිරීම ගැන. එය ණය දුන්න ‍කෙනා පොළිය මතක් කරමින් චෝදනා කරණවා වැනිය.

දැන් මේ පුද්ගලයා‍ හුදකළා වූ විට තනි වූ විට මොහු කර ගත් පවි මොහුට මතක් වෙනවා, හරියට ණය දුන් අය ණය ඉල්ලා මේ පුද්ගලයව හොයාගෙන එනවා වගේ....

අවසානයේ මොහු අර ණය දුන් අය අතටම අල්ලා ගන්නව අල්ලගෙන නීති මගින් කටයුතු කර හිරේ දැමිම හරියට මරණයෙන් පසු දුගති ගාමී වුනා වගෙයි ආයෙ කාගෙවත් පිළිසරණක් නැතුව යනවා.

එම නිසා වහ වහා ශද්ධා, හිරි, ඔත්තප්ප, වීර්යය, ප්‍රඥා ඇති ශාසනික වශයෙන් පොහොසත් කෙනෙකු වන්න.... 


පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන්ගේ දේශණයක් ඇසුරිනි. තෙරැවන් සරණයි...!!!
කසුන් ගයශ්‍රී 




Friday, March 16, 2012

ඩෙල්ෆ් දූපත - Delf Island

ඩෙල්ෆ් දූපත - Delf Island

ඩෙල්ෆ් දූපත ශී ලංකාවේ උත‍රැ දූපත් පන්තිය වැදගත් දූපතක් ලෙස හඳුන්වා දිය හැකියි. විශේෂයෙන් මෙය ඉතා කුඩා දිවයිනක් කිව හොත් නිවැරදිය. ˝ඩෙල්ෆ් ˝ යන නම යොදා ඇත්තේ ලන්දේසීන් විසිනි, ශ්‍රී ලාංකිකයින් මෙම දූපත හඳුන්වා ඇත්තේ නඩෙන්තිවි යන නාමයෙනි. ‍ඩෙල්ෆ් දූපත වර්ග කිලෝමීටර 48 භූමි භාගයකට හිමිකමි කියන අතර, උපරිම දිග 6km වන අතර උපරිම පළල 8km වේ. ඒවාගේම 4901 ක ජනගහණයක් ජීවත් වන දූපතකි විශේෂයෙන් මෙහි සාමාන්‍ය නගරයක මෙන් පාසල්, රජයේ ආයතන, කුඩා රෝහලක්, පොලිස් ස්ථානයක් හා නාවික හමුදා කදවුරක් පිහිටා ඇත. මෙහි ජීවත් වන ජනතාවගෙන් වැඩි දෙනෙකුගේ ජීවනෝපාය වන්නේ ධීවර කර්මාන්තයයි. සංඛ්‍යා ලේඛණ දත්තයන්ට අනුව 610 පමණ ධීවරයන් සිටින බවට වාර්තාවේ.

එමෙන්ම ඉහත ජනගහනයෙන් 1435 පමණ පාසල් සිසුන් වනවා. මේ හෙයින් පාසල් 10 පමණ ‍ඩෙල්ෆ් දූපත තුල ක්‍රියාත්මක වනවා. ඒමෙන්ම මෙහි ජීවත්වන ජනයාගේ ප්‍රධාන ආගමි ලෙස හින්දු ආගම කතෝලික ආගම හා පොතෙස්තන්ත්‍ර කතෝලික දහම අදහන ජනතාවද ජීවත් වනවා. අතීතයේ බෞද්ධ බැතිමතුන් ද ජිවත් වූ බවට සාධක ‍ඩෙල්ෆ් දූපතෙන් හමුවනවා. 

View of the Delf from Ocean 

View of the Delf from Ocean  
ඩෙල්ෆ් දූපතේ වඩාත්ම සංචාරක ආකර්ෂණයට ලක්වන ස්ථාන පිළිබදව සටහනක් තබයි නම්,

01. බයෝ බැප් ශාකය - Baobab Tree

ලංකාව තුල බයෝ බැප් ශාක ඇති ස්ථාන කිහිපය අතුරින් ඩෙල්ෆ් වල ඇති මෙම ස්ථානය එක් තැනක් වනවා. මන්නාරම එළුවන්කුලම හා කළා වැවේ නිමිනයේ ඇති බයෝ බැප් ශාක හැරැණුකොට ඩෙල්ෆ් වල ඇති මේ විශාල ශාකය සංචාරක ආකර්ශණය දිනා ගත් සුන්දර ස්ථානයක් වනවා. මෙය අඩි 58 පමණ වට ප්‍රමාණයකින් යුක්ත වන බව නාවුක හමුදා නිලධාරීන් ගේ මතයයි. ඒමෙන්ම ලංකාවේ ඇති අනෙකුත්  බයෝ බැප් ශාක හා සසදන කළ මෙය ඉතා සාරවත් බව පැවසේ. තවද බයෝ බැප් ශාක වලට පහත නමි ද භාවතා වන බව වැඩිදුරටත් දැනගන්නට ලැබිණ. Bottle Tree / Upside down Tree / Monkey Bread Tree. අරාබියේ හා අප්‍රිකානු රටවල මිනිසුන් මෙම ශාකයේ කොළ මැල්ලුමි සදහා යොදා ‍‍ගන්නා බවත්, ‍ගෙඩි ව්‍යංජනයක් ලෙස ආහාරය‍ට ‍ගන්නා බවත් වාර්තාවේ. 


Inside of the Tree


02. ලියලන ගල.

සංචාරකයා ගේ විශේෂ අවධානයට ලක් වන තවත් ස්ථානයක් ලෙස ලියලන ගල හදුන්වා දිය හැක. මෙම ප්‍රදේශයේ මිනිසුන් මෙහි ඇති වැඩෙන ස්වභාවය නිසා මෙම ගල පූජනීය සංඛේතයක් ලෙස සලකා වැදුමි පිදුමි කරයි. විශේෂයෙන් මෙම ගල පිහිටා ඇත්තේ නාගයකුගේ දරණ ලෙස වීමත් කේවිලක් ආසන්නයේ පිහිටා තිබීම ඊට හේතුවන්නට පිලිවන.  කෙසේ වෙතත් මෙම ගල නාග ගල, කෝවිල අසල ගල යන අන්වර්ථ නාමයන්ගෙන් හදුන්වයි. 


Liyalana Gala



03. ප්‍රදීපාගාරය [Queen’s Tower]

ඩෙල්ෆ් දූපතේ නැගෙනහිර සීමාවේ පිහිටා ඇති මෙම අපුර්ව ප්‍රදීපාගාරය විදුලිය නොමැතිව ක්‍රියා කල එකකි. මෙම ප්‍රදීපාගාරයේ යට කොටසට දර දමා විශාල ගිනි මැලයක් දල්වා එහි ඇති දුම කුඩා කවුලුවකින් විවරවීම‍ට ඉඩහැරීම තුලින් ඈත මුහුදේ යන නැවි වලට සංඥා ලබා දී ඇත. මෙය ලන්දේසි පාලන සමයේ ඉදිකර ඇත. තවද සාම්ප්‍රධායින සන්නිවේදන ක්‍රම පිලිබදව අධ්‍යනයක නිරතවන්නන්ට ඉතා කදිම නිදසුනක් මෙන්ම පුරා විද්‍යාත්මක සාධයක් ලෙස සදහන් කල හැක. 



04. හිරි ගල් තාප්ප සංස්කෘතිය.

ඩෙල්ෆ් දූපතේ බැලු බැලු හැම තැනකම වාගේ දැකිය හැකි සුලභ දසුනක් ලෙස හිරිගල් කැබලි හදුන්වාදිය හැක. මෙම හිරිගල් කැබලි සැහැල්ලු මෙන්ම ශක්තිමත් ද්‍රව්‍යයක් වන හෙයින් ඩෙල්ෆ් වැසියන් මෙය නිවාස බිත්ති සදහා අමුද්‍රව්‍ය වශයෙන් යොදාගෙන ඇත. තාප්ප අදිය හිරිගල් යොදා ගෙන ඉතා මනරමිව සකස් කිරීමට ඩෙල්ෆ් වාසීන් අති දක්ෂයන් වේ. 




05.  පරවියන් ඇතිකල සන්නිවේදන කුළුන.

අතීතයේ මිනිසුන් සතුන් මගින් සිය සන්නිවේදන අවශතා සපුරා ගෙන ඇති ආකාරය පරවි සංදේශය සැලළිහිණි සංදේශය වැනි සංදේශ කාව්‍ය සාහිත්‍යය සාක්ෂි දරයි, ඩෙල්ෆ් දූපත තුලද එවැනි සාමිප්‍රධායික සංනිවේදව ක්‍රම අනුගමනය කල ඇති අන්දම මෙම පරවියන් ඇති කළ කුළුන සාක්ෂි දරණු ඇති. මෙය ලන්දේසීන් විසින් ඉදිකරණු ලැබූ එකක් ලෙස සැලකේ.




06. ලන්දේසි කොටුව.

ශ්‍රී ලංකාව තුල සංචාරය කරන අයකුට ‍ලන්දේසි බල කොටු සමිප්‍රධාය ගැන හො‍ අවබෝධයක් ඇත, එවැනිම අකාරය‍ට ඉදිවූ ලන්දේසි බලකොටුවක් ඩෙල්ෆ් දූපත තුලද දක්නට ඇත. මෙය ඩෙල්ෆ් දූපත ලන්දේසි සමයේ ඉතා වැදගත් ස්ථානයක් ගත් බවට හොද සාධකයක් වේ. තවද මේ හා සමගාමීව උසාවි යක් යැයි සැක කරන ස්ථානයක් හා බන්ධනාගරයක් යැයි සැක කරන ස්ථාන දක්නට හැක. මෙම ස්ථාන විධිමත් පුරා විද්‍යා සමීක්ෂණ මගින් නිවැරදිව හඳුනානොගැනීම නිසා මෙම ස්ථාන වල දක්නට ලැබුණු දේ මත උපකල්පනය කරන ස්ථාන වේ. 






සකස්කලේ  - කසුන් ගයශ්‍රී - Kasun Gayasri 





විශේෂ ස්තුතිය !!!
ඉරණමඩු  යුධ හමුදා කදවුරේ සියලු නලධාරීන්ට හා ඩෙල්ෆ් නාවික හමුදා කදවුරේ සියලු නලධාරීන්ට
හා ජැක්සන් ඇන්තනි මහතාට...





Tuesday, March 6, 2012

The Significant of Medin Full Moon Poya Day - මැදින් පොහය දින ඇති වැදගත් කමි.


On a Medin Full Moon Poya, after the Buddha's Enlightenment, and seven years after he left the Royal Palace as Prince Siddhartha [Abhiniskaramanaya], He visited to meet his relations in Kimbulwatpura [his home town], kingdom of His beloved father King Suddodhana.


Listening to the sermons which were delivered by Buddha, King Suddodhana could attain Sakuradagami - Once returner, [second stage to the path to attain the Bliss of Nirvana] Queen Maha Prajapathi Gothami - attained Sowan, the first stage of Sainthood.

It was a very moving scene buddha’s meeting of princes Yasodhara, Buddha preached “Sandakiduru Jatakaya” to prove, how much love she had towards Buddha not only in this birth, but also in previous births.

The prince Rahula prince Siddhartha’s only son, aslo entered to the Buddha Sasana on this poya day. 


Prince Nanada followed Buddha and ordained himself.



Monday, February 6, 2012

The Significance of Navam Full Moon Poyaday. [February] - නවම් පොහොය දිනයේ ඇති වැදගත්කම.








The Significant Events of The Navam Full moon Poyaday. [February Poyaday] 

01.   The first congregation of Maha Sangha “Sangayanawa”  or the First Buddhist Council was held on Navam Poya day. This was held three months after the passing away of the Blessed One. It was led by one of the most senior monks in the order – Arahath Mahakassapa Maha Thero.

02.   The appointment of Sariputta and Moggallana as the two chief disciples “Aggarasavakas” took place on Navam Poya Day. Sariputta was appointed to the prestigious position “Darmasenadhipati” and Moggallana as “Dharma Purohita” receptively. 

03.   There are two basic discourses in Buddhism. Those are “Ovada Prathimoksha” means to give advice. Through this, you develop self-discipline. It was on Navam Poya Day that Buddha delivered a sermon on “Ovada Prathimoksha” to Sariputta and Moggallana Theras.


By. Kasun Gayasri

Saturday, January 28, 2012

You have a Risk - ඔබට අවධානමක් තිබේ....



As a people who are living in this world, have to face more problems in our day to day life due to the various factors. We know about question and Answers. In our life everyday we have been finding solutions. Every Question should have rational answers because of every problem has one or more grounds. As intelligent peoples we should find the source of the reasons for arisen problems and try to solve it through the knowledge.

Our great teacher has disclosed about main problems that should be face every creature in their life, but unfortunately they couldn’t see those problems due to the ignorance. In Simply ignorance means we couldn’t see the real situation of the problem due to various factors in our mind.  So now we will try to understand these problems. 


Actually, do we have issues in our life? Your answer should be “YES”
As secular peoples we consider following things as a problems. 


  •  Not getting Good Foods
  •  Not getting good friends
  •  Not getting good Jobs
Ø      In briefly not receiving luxurious items or semi luxurious items.

But our great teacher has explained those are not huge problems.  As creatures we have to face huge problems in our sanasara. What are those problems?

First one is Birth. 

In our normal life we may happy while considering new born babies. We much love to them and we wish to them for their future positive endeavors, but when we concerned very profoundly why we should wish to them or pray to them for their future endeavors. Because of they have risk on their life. When we concern this doctoring very deeply we have risk in every moment in every minute this minute also.

What are the other problems?
Getting old is other problem.

Do you suffering this problem?  Your answer is definitely “YES”, but you didn’t care it. You may know our life is like a river in every moment it is changing we can’t see one river twice in our life Because of the changing.


You can see this problem through yourself. Now you compare your childhood and present situation of your life. You can realize it very clearly now you have changed physically as well as mentally. In this period of life you may unwell injured suffered due to the lot of reasons. At those situations you may find out the remedies to overcome your problems but all remedies are temporary it may be associated with situation so now you may have small idea about this changing & getting old that couldn’t control.    
  
Third one is death.

If someone born in this world he has a definite present that is gifted by the nature. Actually that is death. Every one should face to it. No one can prevent this. But if we intellectual we can stop this problem.  There is a special way to eradicate this problem. 

If we see the world very carefully we can see two things in every event. Black & White, Happy & Unhappy, Profit & Loss, Men & Women Like that there is a way to birth and session of the birth.  So if you drive your boat towards to eliminate this problem you can win this samsara (Cycle of the Birth) and also you can truly satisfy your life while removing all worries.  That is not temporary satisfaction that is permanent satisfaction.  So Buddhism drives you to permanent pleasure.

Why we should take temporally insurance, drive your boat towards to permanent Insurance. 


By Kasun Gayasri

Special Gratitude to Ven.Kiribathgoda Ganananda thero and Ven. Pitiduwe Siriddamma thero

May the Triple gem Blessed you…!!!