ඉතිහාසය
අතීතයට අයත් ද අතීතය ඉතිහාසයට අයත් ද?
අතිතයකින් තොර
ඉතිහාසයක් තිබේද...?
“අතීතය” වර්තමානය හා අනාගතය
සමග ගත් කල සාපේක්ෂ කාළයකි...
“කාළය” අතීතයටත් ඉතිහාසයටත්
පොදු වූ කුලකයකි...
නමුත් ඉතිහාසය
මානව කේන්ද්‍රීය වේ... මිනිසා කල කී දෑ තුලින් ඉතිහාසය පෝශණය වී ඇත...
මිනිසාගේ පහසුව තකා ආගම, විද්‍යාව, සංස්කෘතිය,දේශපාලණය යනුවෙන් විවිධාකාරයෙන් වර්ග කර ඉතිහාස වාර්තා පවත්වාගෙන යයි..
සෑම “අතීතයක්” තුලම ඉතිහාසයක්
නොමැති වුවත් “ඉතිහාසය” තුල අතීතය අනිවාර්ය
සාධකයකි….
පසුවන සෑම
මිනිත්තුවක්ම අතීතයට අයිතිවූවත් එය “ඉතිහාසයට” අයිති නොවේ…
එයට හේතුව “ඉතිහාසය” උදක්ම ජයග්‍රාහකයා
සුපෝෂණය කරන බැවිනි...
පරාජිතයාට “ඉතිහාසය” තුල අවකාශයක් නොසෑදීම
ඉතිහාසය තුල වූ ඛේදනීයම අඩුපාඩුවකි..
“විජය” විජායී.. විජාතිකයා...
නැතහොත් ජයග්‍රාහකයා... තම්බපණ්ණියට පැමිණෙන විට,
තම්බපණ්ණිය
තුල වූ යක්ඛ, නාග, දේව සමූහයේ සංස්කෘතියක් පැවතියද... ?
“ඉතිහාසය” සාක්ෂි දරන්නේ
නැතහොත් පෙනී සිටින්නේ ජයග්‍රාහකයා වන “විජය” වෙනුවෙනි...
එකී කාරණාව
විද්‍යාව තුලින්ද පැහැදිලවේ...
විද්‍යාවේ නව සොයාගැනීම් වල මූලාරම්භය කොතෙකුත් කැපකිරීම් වැරදීම්, අතපසුවීම් වලින් සමන්විත වූවාට සැක නැත....
නමුත්
ඉතිහාසගත වීමේදී වැරදීම් අතපසුවීම් කැපකිරීම පසකලා ජයග්‍රාහී සොයාගැනීම වාර්තා
කරයි....
ඉතිහාසය තුල
බොහෝ විට පරාජිතයා හදුන්වා දෙන්නේ ජයග්‍රාහකයා උද්දීපනය කිරීමටය...
නැතහොත් ජයග්‍රාහකයාට
ඉතිහාසගත විමට අවශ්‍ය කරුණු කාරණා පෙලගස්වා සිටීමට අවැසි නිසාවෙනි..
එසේ වුවත් පරාජිතයා ජයග්‍රාහකයා පසකලා ගෟරවාන්විත වූ අවස්ථාවක ඒ තුලින් ඉතිහාසගත වීමට ඔහු අවස්ථා විවර කර ගෙන ඇත....
නමුත් “අතීතය” පරාජිතයාගේ
ශෝඛාලාපයත්, ජයග්‍රාහකයාගේ සතුටත් මනාව දනිමින්...
“ඉතිහාසය” විසින් ඉතිහාසය පෝෂණය
කිරීමට අවශ්‍ය සාධක පමණක් ඉතිරි කර ගනී....
පරාජිතයන් හටද
“ඉතිහාසය” තුල තැනක් වූයේ
නම්...
“ඉතිහාසය” කොතරම් සුන්දර වන්නට
තිබුණිද....?